Colombo Today Local News

15 හැවිරිදි දැරිය මිලට ගත් කපිතාන්වරයකු, මැණික් ව්‍යාපාරිකයකු ඇතුළු තවත් 5ක් රිමාන්ඩ්

අන්තර්ජාලය ඔස්සේ වයස අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක දූෂණය කළේ කියන සිද්ධියට අදාලව ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් නැවක කපිතාන්වරයකු, මැණික් ව්‍යාපාරිකයකු ඇතුළු පස් දෙනකු ලබන 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඊයේ (3) නියෝග කළේය.

සිද්ධියට අදාළ සැකකරුවන් 26 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙහි වින්දිත දැරියගේ ජංගම දුරකථනයෙන් ලබාගත් තොරතුරු ඔස්සේ සිදුකරන ලද විමර්ශනයට අදාළව මෙම සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා කාර්‍යංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 16 දෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බවද එම කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම මෙම සිද්ධියට අදාළව හා කාන්තා කාර්යංශ අත්අඩංගුවට ගත් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් එදිරිසිංහ මහතා ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Related posts

ඇලෝසියස් ඇතුළු 08කට මහාධිකරණයෙන් ඇප

colombotoday

බඩ ඉරිගුවලට බැට දුන් සේනා, වට්ටක්කා, කව්පි වගාවක් ආක්‍රමණය කරයි…

colombotoday

දහසේ සහන මල්ල එක්ක සතොස දෛනික ආදායම කෝටි 15ක් දක්වා ඉහළට

colombotoday

වන අලි අල්ලා හීලෑ කර විදේශ රාජ්‍ය නායකයන්ට තෑගි කරන්න යෝජනා වෙයි…

colombotoday

අලුත් ව්‍යවස්ථා මංගල සමුළුවේදී චන්ද්‍රිකාට හූ තියයි.. හූ තැබූ වියපත් මිනිසා කුදලා එළියට විසි කරයි

colombotoday

ද්‍රවිඩ සන්ධානයටත් යුද අපරාධ චෝදනා

colombotoday