Colombo Today Local News

ඇලෝසියස්ට – පලිසේනට ප්‍රභූ සිරමැදිරියක්…

පර්පෙචුවල් ට්‍රෙෂරීස් අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන ඊයේ (05දා) සවස කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඊ කොටසේ විශේෂ ආරක්ෂාවක් සමග විශේෂ ප්‍රභූ සිර මැදිරියකට යොමුකළ බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ 1970 දශකයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාවද සිරගත කර ඇත්තේද මෙම කුටියේ බවයි.

එසේම කලින් කලට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ, හිටපු දේශපාලකයන් සහ ඉහළ නිලතල දරන රජයේ නිලධාරීන් මෙම කුටියේ රඳවා තැබූ බවත්, මෙම කුටියට කිසිදු පිටස්තර සිරකරුවෙකුට පැමිණීමට නොහැකි ලෙස විශේෂ ආරක්‍ෂාවක් සපයා තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

නමුත් බන්ධනාගාර ජනරාල් නිශාන්ත ධනසිංහ මහතා පැවසුවේ එලෙස කිසිදු විශේෂ වරප්‍රසාදයක් හෝ පහසුකමක් මෙම ඊ කොටසේ කුටියට නොලැබෙන බවත්, කිසිවකුටත් මෙම ප්‍රදේශයට ඇතුළු වීමට නොහැකි බවත්ය.

ඩේලිමිරර්

Related posts

සුදා අත්අඩංගුවට

colombotoday

එජාපයේ ජනප‍්‍රියම නායකයා ගෝටාභයයි !

colombotoday

මෙරටට ගෙන්නන පළමු සහල් තොගය අද දිවයිනට

colombotoday

එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන් කී මූන් දිවයිනට

Admin

බැඳුම්කරයටත් වඩා දරුණු රිෂාඩ් බදුර්දීන් සිදුකල විල්පත්තු වන සංහාරය සොයන්න කොමිසමක් පත් කරන්න – දූෂණ විරෝධී පෙරමුණ

colombotoday

ප්‍රභාකරන්ට තුවක්කුවෙන් කළ නොහැකි වූ දෙය සම්බන්ධන් දේශපාලනයෙන් කරනවා.. සහජීවනය කියා දියයුත්තේ උතුරේ අන්තවාදීන්ටයි

colombotoday