Colombo Today Local News

මානව හිමිකම් කොමිසමේ හෙට විශේෂ රැස්වීමක්

මානව හිමිකම් කොමිසමේ විශේෂ රැස්වීමක් හෙට(04)දින පැවැත්වීමට නියමිතව තිබේ.

එහි සභාපතිනි විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය සඳහන් කළේ, මහජන විරෝධතා ගොඩනැගෙමින් තිබෙන පසුබිමක ඒවා පාලනය කිරීම සඳහා හදිසි නීතිය පැනවීමේ සුදුසුභාවය විමසා බැලීම ඇතුළු කරුණු කිහිපයක් සාකච්ජා කිරීමේ අරමුණින් මෙම විශේෂ හමුව පැවැත්වෙන බවයි.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ඕනැම මොහොතක සිය කොමිසම පෙනි සිටින බව ද මානව හිමිකම් කොමිසම අවධාරණය කළේ ය.

නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ පසුගියදා රාත්‍රි පැවති මහජන විරෝධතාවයට සම්බන්ධ වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ මානව හිමිකම් කඩවී ඇත්දැයි සමිපව නිරීක්ෂණය කරමින් සිටින බව එම කොමිසම සඳහන් කරයි.

මෙම සිදුවීමට අදාළව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද හෙට දිනයේ පැවැත්වෙන විශේෂ රැස්විමේදී සාකච්ජා කිරීමට නියමිතව ඇතැයි මානව හිමිකම් කොමිසමේ සභාපතිනි විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය සඳහන් කළා ය.

Related posts

වැග්නර් කුලී හේවායන්ගේ කැරැල්ල නිසා වැඩි වූ බොරතෙල් මිල යළි පහළට

Admin

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පියාණන් කලුරිය කරයි

colombotoday

අද මැදියම් රැයේ සිට බස් දුම්රිය ගමන් අඩපනයි

colombotoday

තඹුත්තේගම ආර්ථිකයේ වෙළෙඳසැල් 11ක් වසා දැමේ

colombotoday

දිස්ත්‍රික්ක 7ක ප්‍රා.ලේ. කොට්ඨාස 29ක නායයෑමේ අවදානමක්

Admin

විදුලි කප්පාදුව නොකරන බවට ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණයට දුන් ප්‍රතිඥාව ඉවත් කරගනී

Admin