Colombo Today Local News

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට නාවොත් වැඩ වරදී ! – නීතිපති අනතුරු අඟවයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලබන 15 වනදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ, ප්‍රකාශයක් ලබා දීම සඳහා මෙරටට නොපැමිණියහොත්, අධිකරණය මගින් ඔහුට එරෙහිව නිතීමය ක්‍රියාමාර්ග ගන්නා බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

ඔහු එබව සඳහන් කලේ ‘නිව්ස්ෆස්ට්’ රුපවාහිනී නාලිකාව කළ විමසීමකදීය.

මතභේදයට තුඩු දී ඇති මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ සැකකරුවකු ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේවනවිට නම් කර ඇත.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ලබන 15 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රාන් මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විශේෂ නියෝගයක් නිකුත් කලේ පසුගිය 02දාය.

දැනට සිංගප්පූරුවේ වාසය කරන්නේ යයි සැලකෙන මහබැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පෙබරවාරි පහළොස් වනදාට ප්‍රථම ශ්‍රී ලංකාවට පැමිණ රහස් පොලිසිය වෙත කට උත්තරයක් ලබාදෙන නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් වසන්ත කෝදාගොඩ මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් විමර්ශනයට සහාය දැක්වීමක් ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

එම නියෝගයේ ඉංග්‍රීසි පිටපතක් සිංගප්පුරුවේ අන්තර්ජාතික පොලිසිය මගින් මහේන්ද්‍රන් මහතාට ලැබීමට සලස්වන ලෙස ද මහේස්ත්‍රාත්වරිය දැනුම් දී සිටියාය.

මේ අතර ශ්‍රීලනිප මූලස්ථානයේ පෙරේදා (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුයේ, අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ප්‍රධාන වගකීම අගමැතිවරයා සතු වන බවයි.

2015 වර්ෂයේදී මහබැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත් කරන විට ඔහු පිළිබඳව සම්පූර්ණ වගකීම තමා ගන්නා බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව ද ඇමතිවරයා එහිදී සිහිපත් කළේය.

Related posts

වරාය විකුණන්නෙත් නෑ, බදු දෙන්නෙත් නෑ – අගමැතිගෙන් සහතිකයක්

colombotoday

මෛත්‍රී, චන්ද්‍රිකා සමග එජාපය 70 සමරයි

colombotoday

2019 අළුත් ආණ්ඩුවක් හදන වසරක්…

colombotoday

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පරීක්ෂණ ප්‍රතිඵල රහිත වනු ඇතැයි සැකයි – මැල්කම් රංජිත් කාදිනල් තුමා පවසයි.

colombotoday

Braking – යාපනයේ සරසවියේ සිංහල සිසුන්ට පහර දෙයි ?

colombotoday

“බැදුම්කර වෙන්දේසියට උපදෙස් දුන්නේ අගමැති වික්‍රමසිංහයි” – අර්ජුන් මහේන්ද්‍රන් මුල්වරට පිළිගනී

colombotoday