Colombo Today Local News

ඇමති මංගලට කුණු බිත්තර ප්‍රහාරයක්

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවල නියැලෙමින් සිටි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ට පෙරේදා (2018 පෙබරවාරි 03) සන්ධ්‍යා යාමයේ කුණූ බිත්තර ප්‍රහාරයක් එල් වී තිබේ. දැඩි ආරක්ෂක රැකවල් මැද මේ දිනවල මාතර ආසනලේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ රැළි අමතමින් සිටින මංගල සමරවීර ඇමතිවරයාට එල්ල වූ කුණූ බිත්තර ප්‍රහාරයෙන් නතුරුව ගල් මුල් කිහිපයක් ද එල් කිරීමට ප්‍රහාරකයන් පියවර ගෙන තිබුණි.

මංගල සමරවීර ඇමතිවරයාට මේ ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඔහුගේ නිවස ආසන්නයේම ගම්මානයකදීම වීම විශේෂත්වයකි. මාතර උයන්වත්ත, කොප්පරාවත්තට නුදුරු දිසාගෙ වත්ත ප්‍රදේශයේ ක්‍රඩා කණ්ඩායමක් අමතමනි සිටිනවිට ඇමතිවරයාට මේ ප්‍රහාරය එල්ලකොට තිබේ. එසැනින් කතබහ අවසන් කළ ඇමතිවරයා ආරක්ෂකයින් ද පිරිවරාගෙන එතැනින් නික්ම ගොස් ඇත.

කෙසේ වෙතත් මේ දිනවල මාතර නගරසීමාව ඇතුලත මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැලෙන එක්සත් ජාතික පාක්ෂිකයින් මැතිවරණ නීති අමුඅමුවේ උල්ලංඝනය කරන බවත් රාජ්‍ය දේපල මැතිවරණ කටයුතු වෙනුවෙන් අවභාවිත කරන බවටත් ප්‍රදේශවාසීන් මැසිවිලි නගන බවක් ද දක්නට හැකි ය.

මාතර නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින සෙල්ලංසේන නමින් ප්‍රකට විහිළුකාර චරිතයක් විසින් මංගල සමරවී ඇමතිවරයාද පෙරටු කර ගනිමින් එක්සත් ජාතික පක්ෂ ලංඡනය සහිතව කුඩ ආදී ද්‍රව්‍ය බෙදා දීම් කිහිපයක්ම පසුගිය දා වාර්තා වීය. මේ සියල්ල හමුවේ රජයේ ප්‍රබල ඇමතිවරයෙක් ඉලක්ක කරලෙක තමන්ගේ නිවස ආසන්නයේ දීම මෙවැනි ප්‍රහාරයකට ලක්වීම සැලකිය යුතුකරුණකි.

මේ දිනවල මාතර නගරයපුරා අලවා ඇති පොස්ටරකින් කියැවෙන්නේ “මාතර හදන මංගල දිනවමු” යන්නයි.

Related posts

පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 10 – මැ.කො. නිවේදනය කරයි

colombotoday

කඩා ඉවත්කල පැල්පතක හෙරොයින් කිලෝවක්

colombotoday

ටිපර් රථයට යට වුණු තවත් පොලිස් නිළධාරියෙක් මිය යයි

colombotoday

රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට සිටි ද්‍රවිඩ දැරියක් පිලිස්සී මිය යයි.

colombotoday

තවත් තරුණියක් අතුරුදන්

Admin

බස්නාහිරින් ගිය අය සති දෙකක් නිරෝධායනයට

colombotoday