Colombo Today Local News

රනිල්ගේ ව්‍යවස්ථා කොහොල්ලෑ ගුලියේ ඇලිලා මහින්ද සුළු ජාතික ඡන්ද නැති කර ගන්නවා.

මේ වෙන කොට රනිල් මහත්තයාගේ දේශපාලන උපාය මේ වන විට ඉතා පැහැදිලි බව බොදු බල සේනා සංවිධානය පවසනවා. ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ බව පැවසීය.

රනිල් වික්‍රමසිංහ දන්නවා, යූඇන්පීයට ස්ථාවර ඡන්ද තිස් හතර ලක්ෂයක් මේ රටේ තියෙනවා කියලා. ඔහු සුළු ජාතික ඡන්දත් එකතු කරන්න බලය ගන්න මාන බලනවා.රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ව්‍යවස්ථා කතාන්දර කරලියට ගෙනත් දානවා. මහින්දවාදී, මහින්ද චින්තනය තුළ ඉන්න අය, ව්‍යවස්ථාව අරන් පළු අරිනවා. හැබැයි ඒවා ඇතුළේ විසඳුම් නෑ. අන්තිමට රනිල්ගේ මේ කොහොල්ලැ ගුළියේ ඇලිලා සුළු ජාතික ඡන්ද තව තවත් ඉවත් කරගන්නවා. අපිද ඒ ඡන්ද කඩන්නෙ කියලා තේරුම් ගන්න මේ මෝඩයන්ට මොළයක් නෑ.

අද ඇමෙරිකාව හෝ ඉන්දියානු තානාපතිවරුන් ඇවිත් මොකක්ද මේ දෙන උපදෙස්. නොදැනීම අපි යටත් විජිත කොලනියක් වෙලා.

Related posts

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි වරෙන්තුව අවලංගු කෙරේ…

colombotoday

ඇමති ජනක බණ්ඩාරට එරෙහි මිනීමැරුම් නඩුවක් අභියාචනාධිකරණය බලරහිත කරයි

colombotoday

අගමැතිකමට මීළග සුදුස්සා මමයි – ජෝන්

colombotoday

“රටට හෙණ ගැහුවත් අගමැතිට විහිළු.. ඔහු කවටයෙක් වෙලා” – ජී.එල්. පීරිස්

colombotoday

රටතුළ දැඩි අවදානම් තත්ත්වයක්| වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉවත්කර ගන්න

colombotoday