Colombo Today Local News

ඉන්ධන – ගෑස් හෝ වෙනත් පෝලිම් මඟහැර යන්න මැති ඇමැතිවරුන්ට උපදෙස්. 70 ක් වාහනවල “මන්ත්‍රී ලාංඡනය” ඉවත් කරගෙන

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට වැඩි පිරිසක් සිය වාහනවල ඉදිරිපස වීදුරුවේ ප්‍රදර්ශනය කෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දැක්වෙන ලාංඡනය ඉවත්කරගෙන ඇතැයි වාර්තාවේ.

ඇතැම් මන්ත්‍රීවරුන් මේ බව පාර්ලිමේන්තු ප්‍රධානීන්ටද දැනුම්දී ඇතැයි දැනගන්නට ඇත.

ඉන්ධන, ගෑස් සහ වෙනත් පෝලිම්වල සිටින ජනතාවගෙන් කිසියම් තර්ජනයක් ඇතිවිය හැකි හෙයින් ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගෙන ඇතැයි ද වාර්තාවේ.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව බාරව සිටින ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන්ද මන්ත්‍රීවරුන්ට එසේ කටයුතු කරන ලෙස දැනුම්දී ඇත.

එසේම ඉන්ධන හෝ ගෑස් හෝ වෙනත් පෝලිම් හෝ ප්‍රදේශ හෝ ස්ථාන හැකිතාක් මඟහැර ගමන් කරන ලෙසටද ආරක්ෂක අංශ නිලධාරීන් මැති ඇමැතිවරුන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

මේ අතර පාර්ලිමේන්තුවේ සේවක සේවිකාවන් ප්‍රවාහනය කරනු ලබන ලංගම බස් රථ කිහිපයක්ද ඉදිරිපස වීදුරුවල ප්‍රදර්ශනය කර තිබු පාර්ලිමේන්තුව යනුවෙන් සඳහන් නාම පුවරු ඉවත් කර ධාවනය කිරිමට පියවර ගෙන ඇත.

Related posts

ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව ‘රාවණා 1‘ කක්ෂගත කිරීමට සූදානම්

colombotoday

බැදුම්කර වාර්තාවේ එජාපය ට අවාසි කොළ ඉවත් කරලා…

colombotoday

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුත්තලමේ අන්තවාදී සංවිධානයක්

colombotoday

ලංකාව ඉදිරියේ තවත් සුළි සුළගක්.. හෙට සිට දැඩි සුළං, මහ වැසි.. අනතුරු ඇගවීම් නිකුත් කරයි !

colombotoday

මහයියාවට සංචරණ සීමා

colombotoday

කොටහේනේ අන්තවාදය ගැන හින්දු ජනතාව දෙවියන්ට කියයි. කෝවිල් 200ක දී පූජා පවත්වා පොලුත් ගසයි.

colombotoday