Colombo Today Local News

යාපනය ජනපති මැදුර සුපිරි හෝටලයක් කරන්න ජාත්‍යන්තර ටෙන්ඩර් කැදවයි

යාපනය කන්කසන්තුරේ ඉදිවන ජනාධිපති මන්දිරය සුපිරි හෝටලයක් බවට පත්කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම මන්දිරය හෝටලයක් බවට පත්කිරීමට ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීම ඉදිරි සති කිහිපය තුළදී සිදුකිරීමට නියමිතය.

යාපනය කන්කසන්තුරේහි ඉදිවන මෙම ජනාධිපති මන්දිරය සඳහා මේවනවිට රුපියල් කෝටි තුන්සිය පනහක මුදලක් වියදම් වී ඇති බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. එබැවින් මෙය හෝටලයක් බවට පත්කිරීමට ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමට යොමුවන බවද ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කළේ පුවත්පත් මාධ්‍යවේදීන් සමග සිදුකළ සාකච්ඡාවේදීය.

යාපනය ජනාධිපති මන්දිරය පසුගිය ආණ්ඩු සමයේදී ඉදිකිරීම් ආරම්භ වූවකි. ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාපවසා තිබුණේ කන්කන්තුරෙයිහි කිසිදු ජනාධිපති මන්දිරයක් ඉදිවෙමින් නොපැවැති බවයි.

1980දී කොටි ත්‍රස්තයන් විනාශ කරනතුරු ජනාධිපති මන්දිරයක් යාපනය කොටුවේ තිබූ බවත්, මෙම ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් බවත්, නාවික හමුදාව එහි ඉදිකිරීම් භාරව සිටි බවත් මහින්ද රාජපක්ෂ මහතා වරෙක පවසා තිබිණි.

කන්කසන්තුරෙයිහි සහ ආරුගම්බේහි ඉදිවෙමින් පැවැති ගොඩනැගිලි ජනාධිපති මන්දිර නොව ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන බවත්, ඒවා අනෙක් සම්මන්ත්‍රණ ශාලාවලට වඩා වෙනස් වන්නේ නවාතැන් පහසුකම් සහිතව ඒවා ඉදිකිරීම හේතුවෙන් බවත් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබිණි.

ada.lk

Related posts

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම්වල නිරතවීමට ආචාර්යවරුන් තීරණය කරයි

Admin

මෛත්‍රී පිල පරදා මහින්ද පිල ලේක්හවුස් නිදහස් සේවක සංගමයේ බලය අල්ලයි

colombotoday

ධීවර යාත්‍රා 30ක් ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයට ගසාගෙන යයි

colombotoday

ව්‍යවස්ථාව එපා කියු නිසා ත්‍රෛනිකායික මහ සඟරුවනට අවමන් කරන්න NGO මෙහෙයුමක්‌ !

colombotoday

තේ අරමුදලේ කෝටි 987ක වියදම් ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය

Admin

රනිල්ගේ ආණ්ඩුවේ දූෂණ හොයන්න ජනපති කොමිසමක්….

colombotoday