Colombo Today Local News

ඉන්ධන බෙදාහැරීම නිරීක්ෂණයට යුද හමුදාව යොදවයි

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදා නිලධාරින් රට පුරා යොදවා ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ප්‍රධාන ඉන්ධන මධ්‍යස්ථානවල සිට පිටත් වන ඉන්ධන බවුසර් ඉන්ධන පිරවුම්හල් වෙත නියම ආකාරයට පැමිණෙන්නේ දැයි සොයා බැලීම සඳහා මෙම නිරීක්ෂණ වැඩපිළිවෙළ ආරම්භ කළ බවද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටි.

යුද හමුදාව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ උපදෙස් අනුවය.

ඒ අනුව ඉන්ධන බවුසරයක්ම ප්‍රධාන ඉන්ධන ගබඩාවලින් පිටත්වූ වහාම අදාල ප්‍රදේශයන්හි යුද හමුදා ආඥාපතිවරයාට දැනුම් දෙනු ලැබේ. ඒ අනුව ආඥාපතිවරයා විසින් නිරීක්ෂණ කටයුතු සඳහා හමුදා නිලධාරීහු කණ්ඩායම් අදාල ප්‍රදේශ වලට හෝ මාර්ගවලට යෙදවෙති.

කොලොන්නාව, මුතුරාජවෙල ප්‍රධාන ඉන්ධන ගබඩා සංකීර්ණවලට අමතරව ඉන්ධන බෙදාහැරීමේ ඩිපෝ 12ක් රටපුරා ක්‍රියාත්මක වේ.

මේ අතර ඉන්ධන බෙදාහරින දුම්රියවල ආරක්ෂාව සඳහා යුද හමුදා සහ ගුවන් හමුදා නිලධාරීන් යොදවා ඇතැයි ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

මාස 4කදී මාර්ග අනතුරුවලින් 736කු මරුට

colombotoday

රජයේ දොස්තර සංගමයෙන් අගමැතිට දොස්… විරෝධය පා පෙත්සමක් අත්සත් කිරීමට සැරසේ

colombotoday

විජේදාස රාජපක්ෂට ඇගිල්ලේ තරම දැනගන්න පුලුවන් වෙයි. | රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ කියයි.

colombotoday

කොළඹ වරාය ඉන්දියාවට පවරන්න සූදානම්.. යහපාලන සගයෙක් හෙළිකරයි

colombotoday

ජපානයේ අකිහිතෝ අධිරාජයා ජාතිය අමතයි.. රජකම අතහරින බව කියයි

colombotoday

එක්නැලිගොඩ තීන්දුවට එරෙහිව ඥානසාර හිමිගෙන් ඇපෑලක්…

colombotoday