Uncategorized

අන්තර් කාලීන ආණ්ඩුව ගැන සාකච්ඡාවක් අද ජනපති මන්දිරයේදී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ හා ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂවල නායකයින්ගේ සහභාගීත්වයෙන් අන්තර් කාලීන ආණ්ඩුව පිළිබඳව සාකච්ඡාවක් අද (29)දින පෙරවරු 10.30 ට ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , පක්ෂ 10 කණ්ඩායම සහ ආණ්ඩුවෙන් ස්වාධීන වු මන්ත්‍රීවරුන් සහභාගීවීමට තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසුව පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුව පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනු ඇති.

අන්තර් කාලීන ආණ්ඩුවේ ව්‍යුහය, කාලසීමාව, වගකීම් පවරන්නේ කාටද වැනි කරුණු මේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සූදානම් වේ.

ආණ්ඩුවේ සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂවල නායකයින්ට, ජනාධිපතිවරයා මීට පෙර ලිපියක් මගින් දැනුම් දී තිබුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජනයෙන් අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට තමන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ බවයි.

මේ අතර ඊයේ (28) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම, වත්මන් අර්බුදය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය පිළිබඳව එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

මේ රැස්වීමේදී තිස්සකුට්ටිආරච්චි හා ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් අතර සංවාදාත්මක තත්ත්වයක්ද ඇති වී තිබේ.

එහිදී, අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ද අදහස් දක්වා ඇති අතර අග්‍රාමාත්‍යවරයා ද අදහස් පලකර තිබේ.

Related posts

මැතිවරණ පරාජයෙන් පසු සජිත් ජාතිය අමතයි!

Admin

ඇමතිවරු දෙදෙනෙක් ඉවත් කරන තුරු අන්තර්වාර ආණ්ඩුවකට ජනපති සමග සාකච්ඡා නැහැ

colombotoday

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අද

colombotoday

ජනපතිට , අගමැතිට , ඇමති මණ්ඩලයටම අධිකරණයෙන් නොතීසි

colombotoday

ආයුර්වේද වෛද්‍ය ක්‍රම පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට සැලසුම්..

colombotoday

විජේවර්ධන පවුලේ daily mirror භික්ෂුන් වහන්සේලාට ගරුත්වය නොදී නමින් ආමන්ත්‍රණය කිරීමේ තීරණයක

colombotoday