Colombo Today Local News

අගමැති ඉල්ලා අස්වූ පසු සර්ව පාක්ෂික ආණ්ඩුවකට සූදානම්

වර්තමානයේ පවතින අර්බුධකාරී තත්ත්වයට විසදුමක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ වල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟවන බව ආණ්ඩුවේ පක්ෂ නායකයින් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

ඒ අනුව වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසුව පිහිටුවීමට නියමිතව පවතින එම සර්ව පාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය මෙන්ම වගකීම් ලබා දෙන පුද්ගලයින් සහ ක්‍රියාත්මක විය යුතු කාල සීමාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ පළමු අදියර සඳහා ලබන සිකුරාදා පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ විශේෂ සාකච්ඡාව පැවැත්වෙන බව ජනාධිපතිවරයා දන්වා ඇත.

ඒ සඳහා 2020 මහමැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ සහ මේ වන විට ස්වාධීනව කටයුතු කරන පක්ෂ නායකයින්ට ද ඇරයුම් කර තිබේ.

රටේ වර්තමානයේ පවතින සමාජ හා ආර්ථික අර්බුදය සඳහා විසඳුමක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේලා මෙන්ම අතිඋතුම් කාදිනල් තුමන් ඇතුළු සර්ව ආගමික නායකයින් ද දේශපාලන පක්ෂ හා පොදුජන සංවිධාන රාශියක් විසින් ද සිදුකළ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත.

Related posts

“ආවා” නොනවතී.. යාපනේදී තවත් දෙදෙනෙක් කපා කොටා දමයි !

colombotoday

බුරවිට සුළි කුණාටුවට මුහුණදෙන්න ත්‍රිවිධ හමුදාව සීරුවෙන්

colombotoday

ජවිපෙ 20 මැතිසබෙන් විසිවෙයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට නාවොත් වැඩ වරදී ! – නීතිපති අනතුරු අඟවයි

colombotoday

හිටපු ජනපතිට නිවෙසක් දීමේ කැබිනට් තීරණයට අධිකරණ තහනමක්

colombotoday

ශිරාල් ලක්තිලක ජනාධිපති ජේෂ්ඨ උපදේශකයක තනතුරට

colombotoday