කතානායක කරූ මහතා සහ ජනාධිපතිවරයා අතර රහස් සාකච්චාවක් පවත්වා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.
ජනාධිපතිවරයාට එරෙහිව එජාපය විසින් විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සුදානමක් තිබෙන බවට වාර්තා පළවීමත් සමගම ඊට මුහුණ දීමට අවශ්‍ය කටයුතු ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් වරයෙකුගේ මුලිකත්වයෙන් මේ වනවිට ක්‍රියාත්මක වන බවයි එම ආරංචි මාර්ග අනාවරණය කර සිටින්නේ. එවැනි විශ්වාස භංග යෝජනාවක් ගෙන ආවොත් ඊට මුහුණදෙන ආකාරය පිලිබදව කතානායකවරයා සමග සාකච්චා කර ඇති ජනාධිපතිවරයා එජාපයේ සිටින මෛත්‍රී හිතවාදී මන්ත්‍රීවරු සමග එක්ව නව රජයක් පිහිටුවීමට යෝජනා කර ඇති අතර පිහිටුවන නව රජයේ අග්‍රාමාත්‍ය දූරය කරූ ජයසූරිය මහතාට ලාබාදීමට පොරොන්දු වී ඇත.
Janahada.com