අද ඊයේ පාර්ලිමේන්තුවට ආ එක්සත් ජාතික පක්ෂයේ පොඩි කොල්ලන්, පළාත් සභා මන්ත්‍රීලා ජනාධිපතිවරයාට වටකරගෙන ටොකු අනිමින් සිටින බවත්, ඒවා ඉවසා ගන්නට බැරිවූ පසු ජනාධිපතිවරයා බොරු කියමින් තමන්ට බැණවදින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
බලංගොඩදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් රවි කරුණානායක මහතාට එරෙහිව ගෙන එන ලද විශ්වාස භංගයට තමන් ඡන්දය භාවිත නොකර රවි කරුණානායක මහතා දුරකතනයෙන් අමතා සුබ පැතුවේ යයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය එකක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේය.