Colombo Today Local News

පසුගියදා කැබිනෙට්ටුවෙ තිබුණ නාට්‍ය මරේ මරු

“පසුගියදා කැබිනෙට්ටුවෙ තිබුණ නාට්‍ය මරේ මරු. ජනාධිපති එනවා කෑගහනවා යනවා. ආපසු එනවා. කෑ ගහනවා යනවා. එක්කෙනෙක් කියනවා ජනාධිපති පික්පොකට් කාරයෙක් කියලා. සමහරු කියනවා ආණ්ඩුවේ ඉන්නත් ලැජ්ජයි කියලා.”

සමහරු කියනවා කැබිනට් එකෙන් ජනාධිපති එළියට ගියේ ශරීර කෘත්‍යක් කරන්න ගියා කියලා. පැය භාගයක්ම ඒ වැඩේ කරනවා නම් ඒක මාර වැඩක්නේ. සමහරු ඔය කතාව අල්ලගෙන ජනාධිපතිට ටොකු අනිනවා. අපහාස කරනවා” යෑයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව පැවැසුවේ “ඔබ දිනවන කොළඹ ගමන” යන තේමාව යටතේ පසුගියදා මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එළිදැක්වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නගර සංවර්ධන වැඩපිළිවෙළ ජනගත කිරීම සඳහා පැවැති කොළඹ දිස්ත්‍රික් නියෝජිත සමුළුවකට එක්වෙමිනි.

අපි කියනවා මේ රට හෑල්ලුවට ලක් කරන්න එපා කියලා. අපි මේ රට කරන කාලේ මේ වගේ දේවල් කළේ නැහැ. හම්බන්තොට වරාය විකුණලා තියෙන්නේ අවුරුදු 99 ඒවා දෙකකටයි. මේ වගේ දේවල් කළොත් රටේ අනාගත පරපුරට වෙන්නේ කුමක්ද? පවුඩර් බබාලා වගේ අය මේ පළාත් පාලන ආයතනවලට යවලා වැඩක් නැහැ. බේබිනෝනලා යවලත් වැඩක් නැහැ.. යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Related posts

මධුෂ් වෙන රටකට පැනීමේ සූදානමක්

colombotoday

සියළුම මුස්ලිම් පක්ෂ එකට එකතුවෙයි.. ඉදිරි මැතිවරණයේදී එකම පෙරමුණකින් එයි !

colombotoday

විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කලොත් හොදයි. රටම කියන්නෙ කරන්න කියලනෙ – මහින්ද රාජපක්ෂ

Admin

“ද්‍රවිඩ ජනයා අකමැති ව්‍යවස්‌ථාවක්‌ ගේන්න දෙන්නේ නෑ” – විපක්ෂ නායක සම්බන්ධන්

colombotoday

කේරල ගංජා හා අයිස් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට

colombotoday

මඩවල කැටවල අරාබි පාසල විවෘත කිරීම තාවකාලිකව නතර කෙරේ

colombotoday