Colombo Today Local News

ආර්ථික පීඩනය නිසා බොහෝදෙනෙකුට පපුවේ අමාරුව

මෙරට වැසියන්ගෙන් සියයට 20ක් දෙනා හෘදයාබාධයන්ට ගොදුරුවෙමින් පවතින බවත් මෙම ප්‍රතිශතය බස්නාහිර පළාතේ සියයට 30 දක්වා වර්ධනය වී ඇති බවත් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ සඳහන් කරයි.

මේ වන විට රටපුරා ඇතිව තිබෙන ආර්ථික පීඩනය දරාගැනීමට නොහැකිව බොහෝ දෙනකු මානසික ආතතියට පත්වීම මෙසේ හෘද රෝග වැඩිවීමට හේතුවක් වී ඇතැයි ද විශේෂඥවරයා පවසයි.

සුපුරුදු දෛනික කටයුතුවලින් බැහැරව බොහෝ දෙනකුට ගිනි අව්වේ පෝලිම්වල රැඳී සිටීමට සිදුවීමත් ඇතැම් විට අවසානයේ දී කිසිදු ප්‍රතිපලයක් නොමැතිව හිස් අතින් යාමට සිදුවීමත් වැනි හේතු සාධක සහ භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යාමට සාපේක්ෂව මුදල් අතේ නොගැවසීම ද මානසික ආතතිය වැඩිකිරීමට හේතුවක් වී ඇතැයි හෙතෙම අවදාරණය කරයි.

එසේම මානසික ආතතිය වැඩිවීම හේතුවෙන් රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම ද ඉහළ යාම ඇතුළු තවත් බෝනොවන රෝගයන් ඇති වීමටත් තිබෙන රෝග වැඩි වර්ධනයක් වීමටත් හේතු වන බව වෛද්‍යවරයා පෙන්වාදේ.

‌හදිසියේ ඇතිවන හෘදයාබාධ සඳහා ලබාදෙන ඖෂධයන් මේ වන විට සුළු වශයෙන් කොළඹ ජාතික රෝහල සතුව පවතින නමුත් ඉදිරියේ දී එම ප්‍රමාණය ද අවසන් වූ පසු දැඩි අවදානමකට මුහුණපෑමට රෝහල් කාර්ය මණ්ඩලයට මෙන්ම රෝගීන්ට ද සිදුවන බව වෛද්‍ය රණසිංහ අවධාරණය කරයි.

Related posts

කැබිනට් අමාත්‍ය ධූර අඩු කර, රජයේ වියදම් පාලනයට මුදල් අමාත්‍යංශයෙන් සැලසුම්

colombotoday

ආදාහනාගාරය පිටුපස අත් පා ගැටගසා ඇති තරුණයෙකුගේ මළසිරුරක්

Admin

මත්කුඩු වටලන්න ගිය පොලිසියට ගල් ප්‍රහාරයක්

colombotoday

ජනාධිපති නීතිඥ බී.පී.අලුවිහාරේ වැඩ බලන අගවිනිසුරු ධුරයට

colombotoday

කතුන්ගේ නිරුවත් ඡායාරූප බෙදා හැරි සෞඛ්‍යය සේවකයෙකු අත්අඩංගුවට

Admin

අසාද් සාලිට එරෙහිව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday