හම්බන්තොට, රිදියගම සෆාරි උද්‍යානයේ වෙසෙන සතුන් වෙඩි තබා මරා එම සතුන්ගේ මස් විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව අනාවරණය වේ.
සෆාරි උද්‍යානයේ වෙසෙන ඌරා, මුවා ආදී සතුන් මරණ බව ද රාත්‍රි කාලයේදී මෙම ජාවාරම් සිදුවන බවත් එහි අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.
උද්‍යානයේ ජීවත් වූ කොටි පැටවුන් දෙදෙනකුට බලහත්කාරයෙන් කිරි පෙවීම නිසා එම සතුන් දෙදෙනා මියයෑම සම්බන්ධවද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පරීක්ෂණයක් ද අරඹා තිබූ බව එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ පවසයි.