World

බිහිසුණු ව්‍යසන රැසක් මධ්‍යයේ ජීවත් වූ ලොව වයස්ගතම කාන්තාව දිවියට සමුදෙයි

ලොව වයස්ගතම කාන්තාව බවට සැලකුණු ජපන් ජාතික කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියයනවිට ඇය 119 හැවිරිදි වියේ පසුවූ ඇය කානේ ටනාකා නම්විය.

ලොව තුළ ඇතිවූ බිහිසුණු ව්‍යසන රැසක් මධ්‍යයේ ජීවත්ව සිටීමට තරම් ඇය වාසනාවන්ත විය.

1903 වර්ෂයේ ජනවාරි මස 02 වනදා ඇය ජපානයේ southwestern Fukuokaදී උපත ලැබීය.

මෙම කාන්තාව 1922දී විවාහ දිවියට ඇතුලත්ව දරුවන් සිව්දෙනෙකුගේ මවක් විය.

ඇය තවත් දරුවෙකු හදාවඩාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබීය.

තරුණ වියේ පසුවූ ටනාකා විවිධ ව්‍යාපාර රැසක් සිදුකර ඇති බවද වාර්තා වෙයි.

වර්ෂ 2019දී ඇය ජීවත්ව සිටින වයස්ගතම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකරගනු ලැබීය.

Related posts

අමෙරිකාව සහ කෙන්යාව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි

Admin

කොටියෙකුටත් කොරෝනා ආසාදනයවෙයි

colombotoday

එක්සත් රාජධානියෙන් තවත් එන්නතකට අනුමැතිය

colombotoday

පැරීසියේ තවත් ත්‍රස්ත ප්‍රහාරයක් – Video

colombotoday

“අපට එරෙහිවන හැම රටකටම ගහනවා” – ISIS මරුවෝ නිවේදනයක් නිකුත් කරමින් කියයි

colombotoday

චීනයේ භූ කම්පනයකින් පුද්ගලයින් 111ක් මරුට

Admin