Colombo Today Local News

ස්වාධීන වූ මන්ත්‍රීවරු අගමැති වීමේ වලියක. – විපක්ෂයත් තුනට කැඩේ

පසුගියදා ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු අතර මතභේදාත්මක තත්වයක් හටගෙන තිබෙනවා.

ඒ අන්තර්වාර ආණ්ඩුවක් තුල අග්‍රාමාත්‍යධූරය ලබා ගැනීම සඳහා ජේෂ්ඨ මන්ත්‍රීවරු අතර තරඟයක් ඇතිවීම හේතුවෙනි.

ආණ්ඩුවේ ස්වාධීන මන්ත්‍රීවරු අතරින් ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත අතර මෙම තරඟය ඇතිවී ඇති අතර අන්තර්වාර ආණ්ඩුව සඳහා කණ්ඩායමක් රැගෙන පැමිණීමට නම් තමන්ට අග්‍රාමාත්‍යධූරය ලැබිය යුතු බවට චම්පික රණවක මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

අදාළ ගැටලුව සමතයකට පත්කිරීම සඳහා අතුරලියේ රතන මන්ත්‍රී හිමි සහ ටිරාන් අලස් මේ වනවිට මැදිහත් වෙමින් සිටින බව ද ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

මේ අතර මංගල කල්ලිය විසින් රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා අගමැති කිරීම සඳහා චන්ද්‍රිකා හිටපු ජනපතිනිය සමග එක්ව වෙනම මෙහෙයුමක් දියත් කර ඇත. සරත් ෆොන්සේකා, හරීන් ප්‍රනාන්දු ඇතුළු සජිත්ට රටට නායකත්වය දිය නොහැකි යැයි විශ්වාස කරන පිරිසක් ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ සමග එකතුවීමට නියමිත බව ද වාර්තා වේ.

Related posts

ඔබගේ පයට පෑගෙන දූවිලි වලටත් වඩා මම නිහතමානී වෙනවා !

colombotoday

විල්පත්තු ගිය මාධ්‍යවේදියෙකුට මුස්ලිම් පිරිසක් වටකරගෙන පහර දෙති

colombotoday

ඉන්දන මිල යලි ඉහලට – බස් ගාස්තු ඉහල දැමීමටත් අනුමැතිය

colombotoday

පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරම රැස්වීමට තීරණයක්

Admin

ක්‍රිකට් තරඟ පාවාදීමක් දඩය එක්කෝටි දසලක්ෂයයි

Admin

බදියුදීන්ව අත්අඩංගුවේ තියා ගන්න හේතුව කථානායක විමසයි

colombotoday