Colombo Today Local News

සිරසට සහ මරික්කාර්ට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ?

පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් සිරස මාධ්‍ය ජාලය තුල සිදුකරන දේශපාලන පලිගැනීම් හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවුණු බව සදහන් කරමින් සිරස FM සේවකයින් කිහිප දෙනෙකු මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සුදානම් වෙන බව වාර්තා වෙනවා. දිවයිනේ ප්‍රසිද්ධ ජනාධිපති නිතිඥ්ඥවරයකු විසින් මේ වන එම පෙත්සම සකසමින් පවතින බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තම නිලය, ජනතා මුදල්, රාජ්‍ය දේපොළ බාවිතා කරමින් මාධ්‍ය ආයතනයක සේවය කිරීම, සේවකයන් මානසික හිංසනයට ලක් කිරීම, ලිංගික අල්ලස් ඉල්ලීම ඇතුළු චෝදනා විශාල ප්‍රමාණයක් මන්ත්‍රීවරයාට එල්ලවී ඇති අතර ඒ සදහා සේවකයින් 10කට ආසන්න ප්‍රමාණයක් සාක්ෂි ලබා දීමට නියමිතව සිටින බවද දැනගන්නට ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු අතරින් අඩුවෙන්ම පාර්ලිමේන්තු යන මන්ත්‍රීවරු අතර ප්‍රමුක ස්ථානයක් SM මරික්කාර්ට හිමිවන බව පසුගිය මස මාධ්‍ය මගින් අනාවරණය විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර්ගේ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් මීට සති දෙකකට ඉහතදී, සිරස FM නාලිකා ප්‍රධානීව සිටි ගිහාන් රොද්‍රිගෝ ඉල්ලා අස්වූ අතර ඊට සතියකට පසු MBC ප්‍රවර්ධන අධ්‍යක්ෂිකා තනුජා ජයවර්ධන මෙනවිය ඉල්ලා අස්විය.

පසුගිය සිකුරාදා දින මරික්කාර් නියමයෙන් නිවේදකයන් දේපලක් වන අනුෂ මුදලිහේරත්, තමිරා නිරෝෂනි සහ නාලිකා ප්‍රධානීගේ ලේකම්වරිය හදිස්සියේ මාරු කර යවා තිබුන අතර තවත් නිවේදකයන් 4 දෙනෙකු මෙම සතියේ මාරුකිරීමට නියමිතව සිටි බව සිරස ආරංචි මාර්ග සදහන් කර සිටියි.

පසුගිය මැතිවරණය සදහා SM මරික්කාර්ගේ ප්‍රවර්ධන කටයුතු මෙහෙයවා ඇත්තේ සිරස FM අධ්‍යක්ෂ – සංගීත ලෙස කටයුතු කරන නිහාල් වික්‍රම එදිරිසූරිය සහ yfm නාලිකා ප්‍රධානි ලෙස කටයුතු කල වර්තමාන සිරස FM නාලිකා ප්‍රධානී සජිත් රත්නායක වන අතර ඒ සදහා සහය නොදැක්වූ සියලු දෙනාගෙන් අසාධාරණ ලෙස පලිගනිමින් සිටින බව එම වාර්තා වැඩිදුරත සදහන් කරයි.

Related posts

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ධුරයෙන් ඉවත් කර විනය පරීක්ෂණයක්

colombotoday

සතොස ගර්භණී මවුවරුන්ට පෝෂණ මල්ල දීම නවතයි

colombotoday

අකුරණ ග්‍රාම නිළධාරි වසම් දෙකකට සංචරණ සීමා

colombotoday

වී තොග රැස්කළ ගබඩා 11කට මුද්‍රා තබයි

colombotoday

ඇමති විමල් ඇතුළු 6කට එරෙහි නඩුව වැඩිදුර විභාගයට දින නියම කෙරේ

colombotoday

අත්‍යවශ්‍ය සේවා සහ පාරිභෝගික ද්‍රව්‍ය කාර්යක්ෂමව බෙදාහැරීමේ යාන්ත්‍රණයක්

colombotoday