Colombo Today Local News

මා ගෙදර යන්නේ සියලුම දූෂිත දේශපාලකයන් හිරේ දමා, ඔවුන් අවීචි මහා නරකාදියට ගිය දාටයි – ජනපති

තමන් ගෙදර යන්නේ සියළුම දූෂිත දේශපාලකයන්ට නිසි දඩුවම් දීමෙන් පසුව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ 18 කොස්ගම පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජන රැලියක් අමතමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය’

‘‘සමහරු මගෙන් අහනවා මේ පුටුවෙන් බැහැලා මම ගෙදර යන්නේ කවද්ද කියලා මෙම මේකේ හැමදාම ඉන්න ආවේ නැහැ නමුත් ගෙදර යන්නේ දේශපාලඥයින් අතර සිටින හොරුන්, දූෂිතයන්, වංචාකරුවන් සියලූ දෙනා හිරගෙදරට යැව්වට පස්සේ ඔවුන් සියලූ දෙනා පොළොව පළාගෙන අවීචි මහා නරකාදියට ගියදාට පහුවදා මම ගෙදර යනවා.

පෙබරවාරි දහ වැනිදායින් පසුව දූෂණයට වංචාවට එරෙහිව මම පාරට බහිනවා. පක්ෂ පාට භේදයකින් තොරව මේ රටට ආදරය කරන් දූෂණයට වංචාවට එරෙහි සියලූ දෙනා එකතු කරගෙන දූෂණයට වංචාවට එරෙහි ජනතා ව්‍යාපාරයක් ගොඩනගනවා. ඒ වෙනුවෙන් මාත් සමග එකතු වන ලෙස රටට ආදරය කරන සියලූ දේශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.‘‘

Related posts

ගෝඨා අද උසාවියට… රිමාන්ඩ් කිරීමේ සූදානමක් ??

colombotoday

ඝන්ටාර හොරකම් චෝදනාව පට්ටපල් බොරුවක්… මගේ ළග නැත්තේ ගෝඨාභය මහත්තයාගේ හඩපට විතරයි – රන්ජන්

colombotoday

අළුගෝසු තනතුර කාටද ? දෙවන දිනටත් සම්මුඛ පරීක්ෂණ අවසන්

colombotoday

පළා ගිය කොවිඩ් රැඳවියන් 5 දෙනාගෙන් තවත් අයෙක් ආරච්චිකට්ටුවෙන් සොයා ගනියි

colombotoday

“සත්‍ය සෙවීමේ කොමිසම සැප්තැම්බරයේ එනවා.. වැරදිකරුවන් සොයා දඩුවම් දෙනවා” – විදේශ ඇමති

colombotoday

ආණ්ඩුවේ ලොක්කන්ට ආර්ථික දැනුමක් නෑ

Admin