World

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර භූ චලනයක්

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නගරය ආශ්‍රිතව අද (22) පෙරවරුවේ භූ කම්පනයක් හටගෙන තිබුණි.

එහි ප්‍රබලත්වය සටහන්ව තිබුණේ රිච්ටර් පරිමාණය ඒකක 5.8ක් ලෙසිනි.

භූ කම්පනය හටගෙන තිබුණේ එරට වේලාවෙන් අද පෙරවරු 9.15ට පමණය.

මෙල්බර්න් නගරයට නුදුරු මෑන්ස්ෆීල්ඩ් ප්‍රදේශයේ එහි අපිකේන්ද්‍රය සටහන්ව තිබුණි.

එය නැගෙනහිර ඔස්ට්‍රේලියාවට බලපෑ විශාලතම භූ කම්පනවලින් එකක් ලෙස සැලකෙයි.

භූ කම්පනය සිදුවූ අවස්ථාව CCTV කැමරාවල ද සටහන්ව තිබුණි.

මිනිත්තු 15කට පමණ පසු රිච්ටර් පරිමාණය ඒකක 4ක් ලෙස සටහන් වූ පසු කම්පනයක් ද වාර්තා වී තිබුණි.

ඉන් ගොඩනැගිලි රැසකට හානි සිදුවී තිබේ.

පළමු භූ කම්පනය මෙල්බර්න් නගරයේ සිට කිලෝමීටර් 190ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශවලටත් දැනී ඇති බව විදෙස් වාර්තා පැවසුවේය.

වික්ටෝරියා කලාපය, සිඩ්නි, නිව් සවුත්වේල්ස් කලාපය, ඇඩිලේඩ් , තස්මේනියාව මෙන්ම කැන්බරා අගනුවරත් එම ප්‍රදේශ අතර වේ.

මෙල්බර්න් හි මහල් නිවාසවල වෙසෙන පුද්ගලයන් ඉන් ඉවත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් භූ කම්පනයෙන් පුද්ගල මරණ හෝ දරුණු ලෙස තුවාල ලැබීම් කිසිවක් වාර්තා වී නැහැ.

එමෙන්ම කලාපයට සුනාමි අවදානමක් නොමැති බවද ඔස්ට්‍රේලියානු බලධාරීන් සඳහන් කර තිබේ.

Related posts

Video තුර්කි ගුවන්තොටුපළට ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්.. 36ක් මරුට.. 150කට තුවාලයි

colombotoday

හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මරුට

Admin

ඔබාමාට පණ නෑ… ISIS ත්‍රස්වාදීන් විනාශ කරන්න ප්‍රබල නායකත්වයක් ඕනෑ – ඇන්ජලීනා ජොලීගෙන් ඔබාමාට දෝස් මුරයක්

colombotoday

ඉක්වදෝර ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවයි

Admin

මියන්මාර් හමුදාවේ වෙඩි පහරින් ළමුන් 43ක් මිය ගිහින්

colombotoday

එන්නත්වලින් 75% ක් රටවල් 10 ක. | දුප්පත් රටවල ජනතාව ආරක්‍ෂා කිරීමේ නව සැලසුම් සකස් කළ යුතුයි. | ලෝක සෞඛ්‍ය සංවිධානය

colombotoday