World

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ව්‍යසනයක්..“මුස්ලිම් සහෝදරත්වය“ අනතුරු අගවයි.. ඉස්ලාම් ලෝකය තැති ගනී

ඇමරිකා එක්සත් ජනපදයේ මීළග ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අනපේක්ෂිත ලෙස ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම නිසා මුස්ලිම් ලෝකය දැඩි තැතිගැන්මකට ලක්ව සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසයි.

ඉස්ලාමය ප්‍රවර්ධනය සදහා කැපවූ දැවැන්තම දේශපාලන ව්‍යාපාරයක් වන ඊජිප්තුව කෙන්ද්‍රකරගත් “මුස්ලිම් සහෝදරත්වය“ සංවිධානයේ නිළ ප්‍රකාශකයෙකු අනතුරු අගවා ඇත්තේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණය මුස්ලිම් ලෝකයට මහ ව්‍යසනයක් අත්කර දෙන්නක් වනු ඇති බවයි. හිලරි ක්ලින්ටන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඩොලර් කෝටි ගණනින් අරමුදල් සැපයූ මැදපෙරදිග මුස්ලිම් රටවල නායකයන්ද ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් කැළඹීමට පත්ව සිටින බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසයි.

ඇමරිකාවේ Freedom and Justice පක්ෂය ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහණය හදුන්වා ඇත්තේ ඇමරිකානු ජනාධිපති මන්දිරය වර්ගවාදයට යටවීමක් ලෙසය.

“අප ඩොනල්ඩ් ට්‍රම්ප් සමග එකඟ වෙන්නේ නැහැ. ඩොනල්ඩ් ජනපති වූ නිසා අප කැනඩාව බලා පිටත් වෙනවා. ඩොනල්ඩ් ගෙ ඉලක්කය මුස්ලිම් ජනයාගෙගෙ අවසානය වේ. දැන් ඇමරිකානු ජනයා අප සිටිනවාට වැඩි කැමැත්තක් නැ. අපට පිටවිය යුතු කාලයයි මේ. අප බලා පොරොත්තු වෙනවා මුස්ලිම් රටවල් අපව බාරගනී කියලා“ යැයි මිචිගන් හී මුස්ලිම් ප්‍රජා නායකයෙකු ප්‍රකාශ කර ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් “ඉස්ලාම් අපට ද්වේශයක්“ යැයි එහි මුස්ලිම් පදිංචිකරුවෝ ප්‍රකාශ කර ඇත.

ඇමරිකානු ජනාධිපතිවරණ වේදිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස මුස්ලිම් ජාතිකයන් විවේචනයට ලක් කළේය.  ඇමරිකාවේ සියළුම මුස්ලිම් පල්ලි ත්‍රස්තවාදීන්ට උදව් කරන බව පැවසූ ඔහු ඉස්ලාම් ආගම ඇමරිකාව තුළ තහනම් කළ යුතු බවද ප්‍රකාශ කර තිබිණි.

Related posts

විකිලික්‌ස්‌ වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසන්ඡේ බ්‍රිතාන්‍ය පොලිස් අත්අඩංගුවට

colombotoday

චීන ජනපතිට රටවල් 21ක පරිසර සංවිධාන 74 කින් ලිපියක්

colombotoday

ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින කිරුළ අත්හරී

Admin

පකිස්තානය ඉන්දීය චිත්‍රපට තහනම් කරයි

colombotoday

පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට දරුණු ප්‍රහාරයක්

Admin

රුසියානු ජනතාව පූටීන් ඉහළින් ඔසවා තබයි.. පාර්ලිමේන්තු මැතිවරණයෙන් වාර්තාගත ජයක්

colombotoday