විධායක ජනාධිපති ක්‍රමය හා ව්‍යවස්ථාව වෙනස් නොවුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළග ජනපතිවරණ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
” පාර්ලිමේන්තුවත් කොට්ඨාස මට්ටමට ගෙන ආ යුතුයි. එයට අපේ සහාය දෙනවා. ඊට අනුව අපි ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. ඒක අපිට ප්‍රශ්ණයක් නෑ. එහෙම නැත්නම් මේ රටේ ජනතාව පිළිගන්න දෙයක් තිබෙනවා. ඒ තමයි ව්‍යවස්ථාව වෙනස් කරන්න බැරිවුණොත් මේ රටේ ජනපති මෛත්‍රීපාල සිරසේන මහතා විය යුතුයි කියා මතයක් තිබෙනවා. ව්‍යවස්ථාව වෙනස් වෙනවානම් ප්‍රශ්නයක් නෑ.”
යැයි ඊයේ (17දා) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා කියා සිටියේය.