Colombo Today Local News

විදුලිය මදිවට බොන්න වතුරත් නැති වෙන ලකුණු

පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුවිය හැකි බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්, ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම පහත බැස ඇති බවයි එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

එමෙන්ම දෛනික ජල පාරිභෝජනයද, ඉතා ඉහළ මට්ටමක පවතින බව එම නිවේදනයේ සඳහන් ය.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, වාහන සේදීම, ගෙවතු වගාව වැනි අත්‍යවශය නොවන කටයුතුවලට පානීය ජලය භාවිත නොකරන ලෙසයි.

උස් බිම්වල ජල පාරිභෝගිකයින් වෙත ජලය බෙදාහැරිම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ද, එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

Related posts

අත්තනගල්ල ප්‍රා. සභාවෙන් මිනී පෙට්ටි. ආදාහනයත් නොමිලේ

colombotoday

තිරුක්කෝවිල් පොලිසියේ වෙඩි තැබීමෙන් මිය ගිය නිලධාරීන් ගණන 4 දක්වා ඉහළට

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙණු කළබවට සැක නාකොටික් නිලධාරීයෙකුගේ වාහන කීපයක් සොයා ගනී

colombotoday

ප්‍රාදේශීය සභා දෙකක සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි

colombotoday

‘පෙරළිය‘ අද නුගේගොඩින් ඇරඹෙයි !

colombotoday

අවුරුදු සමයේ බීමත් රියැදුරන් 1834ක් අත්අඩංගුවට

colombotoday