Colombo Today Local News

බැදුම්කර වාර්තාව ප්‍රසිද්ධ කෙරේ.. බැදුම්කර ගනුදෙනුවට රවීට චෝදනා නෑ !

ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්‍ෂණය කරන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපත් 26ක් අද 17 පාර්ලිමේන්තුවට යොමු කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය කටයුතු කර ඇත.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පසුගිය 30 වැනිදා කළ විශේෂ ප්‍රකාශයේ අඩංගුවුණු ඇතැම් කරුණු සහ වාර්තාවේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් පරස්පරතාවක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේදී රවී කරුණානායක හිටපු මුදල් ඇමතිවරයා අදාළ සිදුවීමේ ප්‍රධාන චූදිතයෙකු ලෙස හුවා දැක්වීමට උත්සහා කළත් වාර්තාව මගින් රවී කරුණානායක මහතාට බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් එල්ල කර නොමැති බවද පැවසේ.

වාර්තාවේ සදහන් වන්නේ රවී කරුණානායක මහතා මුදල් ඇමතිවරයාව සිටියදී සිදුවූ නිවසක් සම්බන්ධ ගනුදෙනුව අල්ලසක්ද? නැද්ද? යන්න අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම මගින් පරීක්ෂණ කර තීරණය කළ යුතුය යන්න පමණක් බවද ආරංචි මාර්ග පවසයි.

Related posts

“ක්‍රිකට් හොරු ගැන එන සතියේ හෙළිකරනවා.. රටම පුදුම කරනවා” – රන්ජන්

colombotoday

වැඩි මිලට සිමෙන්ති විකුණු ව්‍යාපාරිකයෙකුට වැඩ වරදියි

colombotoday

පාතාලයෙන් උදෙන්ම වෙඩි තැබීමක්

Admin

ජපානයේ සේවය කල ශ්‍රී ලාංකිකයෙක් මරුට… සැකකරුත් ශ්‍රී ලාංකිකයෙක්

colombotoday

වවුනියාවේ දෙමල ගම්මාන දෙකක් අතර කුල ගැටුමක්

colombotoday

පාසල් යන්න නිවසින් පිටවූ සිසුවා පාරේ ඇඳ වැටී මිය යයි

Admin