Colombo Today Local News

LTTE නායකයන් අපෙක්ෂා කල විමුක්තිය ජනතාවට ලබා දෙන බව TNA පොරොන්දු වෙයි

මුලතිව් පුදුකුඩිරිප්පු හීදී දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ අපේක්ෂකයන් පිරිසක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නියෝජ්‍ය නායක කිට්ටුගේ 25 වෙන සමරුවට සහභාගී වී ඇත.

ද්‍රවිඩ සන්ධාන අපෙක්ෂයන් විසින් මෙලෙස මෙම අවස්ථාව යොදාගෙන තිබෙන්නේ උතුරේ මැතිවරණ කටයුතු සඳහා එල්.ටී.ටී.ඊ.සංවිධානයට සම්බන්ධ දේවල් යොදා ගැනීමෙන් වළකින ලෙස සියලු පාර්ශ්වයන් දැණුම් දී තිබියදී ය.

ඒ අවස්ථාවේදී මැතිවරණ ප්‍රචාරක රැළිය නැරඹීමට පැමිණ සිටි කුඩා දරුවන් ලවාද කිට්ටුගේ ඡායාරූපවලට මල්දම් පළදවා ඇති අතර එම ක්‍රියාව මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවන්ට එල්.ටී.ටී.ඊ.නායකයින් යොදා ගැනීමට වඩා බරපතළ බව මුලතිව් ප්‍රදේශයේ ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

කිට්ටුගේ ඡායාරූපවලට මල්දම් පළදවා කතා කළ මැතිවරණ අපේක්ෂකයින් පවසා ඇත්තේ මීට වසර 25 කට පෙර මියගිය කිට්ටු ඇතුළු එල්.ටී.ටී.ඊ.නායකයින් විසින් අපේක්ෂා කළ දෙමළ ජනතාවගේ විමුක්තිය හා ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය කැපවීමෙන් ක්‍රියා කරන නිසා මෙවර පළාත් පාලන මතිවරණයේදී සමස්ත උතුරේම බලය දෙමළ ජාතික සන්ධානයට ලබාදීමට ජනතාව තීරණය කළ යුතු බවයි.

Related posts

මෙට්‍රික් ටොන් 3,500ක ගෑස් නැවක් අද දිවයිනට

colombotoday

බුලත් කොරටුවේ වැවූ ගංජා මාට්ටු

Admin

බෞද්ධයන්ට අපහාස කල මුජිබර් රහුමාන්, රංගේ බණ්ඩාර ගැන පරීක්ෂණ ඇරඹෙයි !

colombotoday

ආවා කල්ලිය යාපනයේ පොලිස් නිලධාරියකුගේ නිවසක් මංකොල්ල කයි

colombotoday

තෙල් මිල වැඩිකළ දා වංචාවක්… තෙල් සංස්ථාවට කෝටියක පාඩුවක්…

colombotoday

කෝටි සීයක් (බිලියනයක්) දීලා මහින්ද මාව ගන්න හැදුවා – විජයකලා

colombotoday