Colombo Today Local News

ලංකාවේ ඉදිවූ “ලොව ප්‍රථම ගව අනාථාගාරයට” ඔබේ උදව් අවශ්‍යයි

ලොව ප්‍රථම ගව අනාථාගාරය සෙවනගල කොවුල්ආරගම ප්‍රදේශයේ ආරම්භ කර ඇති අතර මේ වන විට එහි ගවයින් සියයකට වැඩි සංඛ්‍යාවක් ආරක්ෂිත වෙසේ.

අක්කර දෙසීයක පමණ භූමියක පිහිටුවා තිබෙන මෙම ගව අනාථාගාරයේ ගව ගාල්, ආරක්ෂිත ගේට්ටු සහ කම්බි වැටක් මෙන්ම තණකොළ ගබඩා කිරීමේ ස්ථානයක් හා ජලාශයක්ද මේවන විට ඉදිවෙමින් පවතී.

ගව අනාථාගාරයේ නිර්මාතෘ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ කියා සිටින්නේ සතුන්ට අවශ්‍ය තරම් තණකොළ සොයා ගැනීම ගැටලුවක් වී ඇති බවයි.

ගව අනාථාගාරයෙන් කිසිදු ආදායමක් නොලැබෙන බවත් එක් ගවයෙකු රැක බලා ගැනීම සදහා දිනකට සැළකිය යුතු මුදලක් වැය වන බැවින් මෙම ගවයන් රැක බලා ගැනීම සදහා පරිත්‍යාගශීලීන්ගේ සහාය අවශ්‍ය බව එහි සංවිධායකයන් කියාසිටියි.

Related posts

ඉන්ධන මිල පහල දාන්න බැරි කංචනලා ගහපු ගිවිසුමක් නිසා

Admin

ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

colombotoday

පුළුවන් හැම දේම අපි කලා. ඉතුරුටිකත් කරන්න සජිත් දිනවන්න. රවී කරුණානායක කියයි

colombotoday

අවසර පත්‍රයට දෙන ඉන්ධන ප්‍රමාණය ඉහළට

colombotoday

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයට තමාගේ නම යෝජනා කෙරූ ලිපිය වේදිනිගම හිමි ඉල්ලා අස් කරගෙන

colombotoday

ඇමති රාජිත තමන්ගේ ප්‍රතිරූපය පුම්බාගන්න රජයේ මුදල් කෝටි 10ක් අවභාවිතා කරලා (Video)

colombotoday