Colombo Today Local News

හාල් කිලෝව 100යි – වී කිලෝව 30 යි

සහල් කිලෝවක මිල රුපියල් 100 දක්වා ඉහළ ගොස් තිබියදීත්, මේ වනවිට වෙළෙඳ පොළට පැමිණෙන වී අස්වැන්න මිලදී ගන්නේ කිලෝවක් රුපියල් 30ක් වැනි සුළු මුදලකට බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි.

සුළු වාරිමාර්ග ක්‍රම යටතේ වගා ආරම්භ කළ කුඹුරුවල වී අස්වැන්න මේ වනවිට වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන බවත්, මෙහිදී කුරුණෑගල, අම්පාර, අක්කරෙයිපත්තු ආදීප්‍රදේශවලින් වැඩි වශයෙන් වී වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන බවත් එම සංගමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

සහල් මිල පාලනය කිරීමට බදු සහන ලබාදී සහල් ගෙන්වීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබාදුන් බවත්, එහෙත් ව්‍යාපාරිකයන් පාරිභෝගිකයන්ට සහල් අඩු මුදලට ලබාදීමට කටයුතු නොකරන බවත් ඔහු පවසා සිටියේය.

මේනිසා ඉදිරි දින කිහිපය තුළ වී ගොවියාත්, පාරිභෝගිකයාත් අසරණ කිරීම සඳහා මහා පරිමාණ මෝල් හිමියන් හා සහල් ගෙන්වන ව්‍යාපාරිකයන් සිදුකරන කුමන්ත්‍රණය මේ වනවිට පැහැදිලි වී තිබෙන බවත්, මෙම සැලැස්මට අනුව මහා පරිමාණ මෝල් හිමියන් වී මිලදී නොගන්නා බවත් ඔහු සඳහන් කළේය.

මේ අනුව අසරණ වන ගොවියා විසින් තම අස්වැන්න සුළු මුදලකට හෝ විකුණා දැමීඹට මෝල් හිමියන් වෙත යායුතු බවත්, එම තත්ත්වය උදාවීමට පෙර රජය සහතික මිලකට වී මිලදී ගැනීම සඳහා වහාම වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් හෙතෙම පවසා සිටියේය.

Related posts

මේ ආණ්ඩුව ආ දා පටන් තර්ජණ වැඩිවුණා.. පන්සලයි, සිංහල ගමයි ඉවත්කරගන්න කියා TNAඑක තර්ජණය කරනවා

colombotoday

මාර්ග සංවර්ධනයේදී නාම පුවරුවලින් දේශපාලක රුව, නම ගලවයි… ජනපතිගෙන් නියෝගයක්

colombotoday

නිජබිම සංකල්පය මත ඉදිරිපත්වන නව ව්‍යවස්ථාවේ බෙදුම්වාදී ප්‍රතිපාදන 8ක් !

colombotoday

විනාශකරන විල්පත්තුවේ පුරාවිද්‍යා නටබුන්

colombotoday

සාමකාමීව විරෝධතා දැක්වීමට ලාංකිකයන්ට අයිතියක් තියෙනවා – අමෙරිකානු තානාපති

colombotoday

වරාය අධිකාරිය රු. බිලියන 11ක වාර්තාගත ලාභයක් උපයයි

colombotoday