Colombo Today Local News

ශ්‍රිනිප ඇමතිලාට ඡන්ද කරන්න ගුවන් හමුදාවෙන් යානා !

යාපනයට ගිය අමාත්‍ය මහින්ද අමරවීර මහතාට යළි කොළඹ පැමිණීම සඳහා ගුවන් හමුදා යානයක් ලබා දී තිබේ.

අමරවීර මහතා යාපනයට ගිය පෞද්ගලික ගුවන් සේවාවකට අයත් යානාවක් පලාලිහි ගොඩබෑමට නොහැකිවීම නිසා විනාඩි 45ක පමණ කාලයක් ගුවනේ සැරි සැරූ බව වාර්තා විය. පසුව ගුවන් හමුදා නිලධාරීන්ගේ ආරාධනාව මත ගුවන් හමුදාවට අයත් යානයකින් ආපසු කොළඹ පැමිණීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා එකඟ වී තිබේ.

මේ සම්බන්ධයෙන් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ අමාත්‍යවරයාට ගුවන් හමුදාවට අයත් යානයකින් ආපසු කොළඹ පැමිණීම සඳහා ආරාධනා කළ බවත් ඒ අනුව අමරවීර මහතා ගුවන් හමුදා යානයකින් යළි කොළඹ බලා පැමිණීමට නියමිත බවත් ය.

Related posts

ෆේස්බුක්, වට්ස්ඇප් තහනම් කර, හානිය අඩු කරගන්නා හැටි අපි ලෝකෙටම ආදර්ශයක් දුන්නා – අගමැති කියයි

colombotoday

සීඅයිඩීය පර්පචුවල් ප්‍රධාන කාර්යාලය වටලයි – බැඳුම්කරයේ රහස්‌ ලිපි රැසක්‌ සොයා ගනී

colombotoday

සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ තරුණයෙකු මහරගමදී අත්අඩංගුවට

colombotoday

ඥානසාර හිමිගෙන් මිලියන 500ක් ඉල්ලා රිෂාඩ් දැමු අපහාස නඩුව ඉල්ලා අස්කරගන්න ඉල්ලයි.

colombotoday

සුරියවැවදී හෙරොයින් ජාවාරම් කරුවෝ 10ක් අල්ලති

colombotoday

බැදුම්කර මගඩිය : පර්පෙචුවල් සමාගමට පනවා ඇති සිමා බලරහිත කරනු – පෙත්සම විභාගය හෙට

colombotoday