ආණ්ඩවේ දේශපාලන රැස්වීම සදහා පාක්ෂිකයන් ප්රවාහනයට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ යොදාගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි රැසක් ලැබී ඇත.
එම කොමිසමේ ලේකම් හේමන්ත හේරත් මහතා පවසන්නේ, එම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙන අතර ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් ඒ පිළිබඳව තොරතුරු ලබාගන්නා බවයි.
ආණ්ඩුවේ නායකයන්ද සහභාගි වන රැස්වීම්වලට ලංගම බස්රථ යොදවා පාක්ෂිකයන් ප්රවාහනය කිරීමේ පැමිණිලිවලට අමතරව මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් රැසක් සම්බන්ධ පැමිණිලි ගලාඑමින් තිබෙන බවද මැතිවරණ කොමිසම පවසයි.