Colombo Today Local News

2020 වෙනකොට රාජපක්ෂලා වැලිකඩ හිරේ දානවාමයි – ඇමති රාජිත

වසර 2020 වනවිට රාජපක්ෂලා සියලු දෙනාට සිරගතවීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටී.

බේරුවල පැවති එජාප මැතිවරණ රැලියක් අමතමින් ඔහු මෙලෙස කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා ඇතුලු පවුලේ පිරිස සිදු කළ වංචා දුෂණ ජනතාවට තවම අමතක නැහැ. ඩුබායි බැංකු ගිණුම්වල තැන්පත් කර තිබෙන්නේ හොරකම් කළ සල්ලි. රාජපක්ෂලාගේ පරම්පරාගත සල්ලි නොවෙයි. රුපියල් බිලියන හතහමාරක මුදලක් එහි තැන්පත් කර තිබෙනවා. ඒ පිළිබද තොරතුරු අප සතුව තිබෙනවා. යුක්රේනයෙන් මිග් යානා ලබාගැනීමේ ගනුදෙනුවත් හරිම දුෂිතයි. එය සිදු කර ඇත්තේ රණවිරු රාජපක්ෂයි. දැන් කකුලුවා ඉන්නවා වතුර රත් වෙනකම්. වතුර රත් වුනාම තමයි ප්‍රශ්නය. වංචාවෙන් හා දුෂණයෙන් සොයාගත් මුදල් වියදම් කරලා හොරකම් වහගන්න හදනවා.

මේනිසයි මෙම රජය පෙරළන්න උත්සාහ කරන්නේ. අපි අඛණ්ඩව ප්‍රකාශ කළා රාජපක්ෂලාගේ හොරකම් ගැන කඩිනම්න් විභාග කරන්න කියලා. රජයේ ප්‍රමාදයක් තිබුනා. ඊට හේතු වුයේ හිටපු අධිකරණ අමාත්‍යවරයායි. ඔහු නඩු ප්‍රමාද කළා. ඒ රාජපක්ෂලා සමග තිබු ගණුදෙනුවකයි. එයා දෙකේ කොළේ රාජපක්ෂ කෙනෙක්. කෙසේ වෙතත් අපි මෙම නඩු කඩිනමින් විභාග කරනවා. වසර 2020 වනවිට රාජපක්ෂලාගේ ලිපිනය තියෙන්නේ වැලිකඩයි. තංගල්ලේ සහ මැදමුලන ලිපින අහෝසි වෙනවා. එම නිසා රාජපක්ෂලා අපෙත් එක්ක තරහයි.

Related posts

ඇවන්ගාඩ් ෆොන්සේකාටත් ජීප් 2ක්, මිලියන 50ක් දීලා – රැකියා අහිමි වූවන්ගේ විශේෂ හෙළිදරව්ව! – Video

colombotoday

විදේශිකයන් සමග විවහා ලියාපදිංචියට පැවැති බාධා ඉවතට

Admin

රටින් පිටවෙනු.. නැතිනම් මරාදමනවා – මැලේසියා කොටි මහින්දට තර්ජණය කරති (Video)

colombotoday

නීති තර්ක ගෙනෙයි. ජනාධිපතිවරණය ලබන වසරට කල් යයි ?

colombotoday

වස්කඩුවේ ලී මෝලක් ගිනි ගනී

colombotoday

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ට බ්‍රිතාන්‍ය සහය

Admin