World

අගමැති ඉවත් කලත් අර්බුදය අවසන් නැහැ… ඉන්ධන ගන්න සල්ලි නැතිව පාකිස්තානයෙත් විදුලිය කැපෙයි

විදුලිය බලාගාරවලට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට මුදල් නොමැති බැවින් පාකිස්තානය ද විදුලි කප්පාදුවක් ආරම්භ කර තිබේ.

විදේශවලින් ගල් අඟුරු සහ ස්වභාවික වායු මිලදී ගැනීමට පවතින මුදල් හිඟය හේතුවෙන් ගෘහ සහ කර්මාන්ත සඳහා විදුලිය කප්පාදු කිරීමට සිදුවී ඇතැයි නව රජය පවසා තිබේ.

පාකිස්තානය තෙල්, ගල් අගුරු සහ ස්වභාවික වායු මිලදී ගැනීම කළේ යුක්රේනයෙනි. කෙසේ නමුත්, රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිලදී ගැනීමේ ගැටලු මතු වී ඇත.

පාකිස්තානයේ බලශක්ති පිරිවැය පෙබරවාරියෙන් අවසන් වූ මාස නවය ඇතුළත ඇමෙරිකන් ඩොලර් බිලියන 15 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී ඇති අතර, අමතර නැව්ගත ගාස්තු සඳහා මුදල් ගෙවීමට පාකිස්තානයට හැකියාවක් නැතැයි ද පැවැසෙයි.

මෙගාවොට් 3,500 ක විදුලිය ධාරිතාවක්, පාකිස්තාන විදුලිය බල පද්ධතියට එක් කරන ප්‍රධාන විදුලි අකර්මණ්‍ය වී ඇති බවත්, එය සිදුවූයේ පසුගිය අප්‍රේල් 13 වැනිදා බවත් පාකිස්තානයේ නව මුදල් ඇමැතිවරයා ට්විටර් පණිවුඩයක් ඔස්සේ පවසා තිබේ. පාකිස්තාන නව රජයේ මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ මිෆ්තා ස්මයිල්ය.

ඉම්රාන් ඛාන් දෝෂාභියෝගයකින් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය ධුරයට පත් වී නව රජයක් පිහිටුවූයේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කළ ෂෙහ්බාස් ෂරීෆ්ය.

ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙපරා දැමීමට, ෂෙහ්බාස් ෂරීෆ්ගේ ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයට පාකිස්තානයේ තවත් ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂයක් වන පාකිස්තාන ජනතා පක්ෂයේ ද සහාය ලැබුණි.

ඒ අනුව නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේ දී ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයේ සාමාජිකයන්ට පමණක් නොව, ජනතා පක්ෂයේ සාමාජිකයන්ට ද ඇමැති ධුර ලබා දීමට ෂෙහ්බාස් ෂරීෆ් කටයුතු කළේය.

ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණේ, රටේ ආර්ථික අර්බුදයට ඉම්රාන් ඛාන් වගකිවයුතු බව චෝදනා නගමිනි.

Related posts

යුරෝපයේ අනාගතය අමෙරිකානු මැතිවරණය මත රඳා පැවතිය නොහැක – එමානුවෙල් මැක්‍රොන්

Admin

රුසියාවේ පාසලක වෙඩි තැබීමකින් 6 දෙනෙක් මරුට…

colombotoday

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ඕස්ට්‍රේලියාවත් ආක්‍රමණය කරයි

colombotoday

ට්‍රම්ප්ගේ ඇමරිකාව සමග අලුත් ගමනකට පූටින්ගේ රුසියාව සැරසෙයි !

colombotoday

රුසියානු හමුදාවෙන් රුසියාවේ නගරයකටම බෝම්බ හෙළීමක්

Admin

කටාර් ජාතිකයන් සමග සබදතා පැවැත්වුවොත් දැඩි දඩුවම්.. ඔස්ට්‍රේලියා ගුවන් සේවාත් කටාරය අතහරී !

colombotoday