රඹුක්කන නගරයේ මාර්ග සහ දුම්රිය මාර්ගය වසා සිටින විරෝධතාකරුවන් විසුරුවිම සඳහා රඹුක්කන පොලිසිය කඳුලු ගෑස් ප්රහාර එල්ල කළේය.
ඉන්ධන ගැටළුවට විසැඳම් ඉල්ලා අද අලුයම 1.30 සිට මෙම පිරිස රඹුක්කන නගරයෙන් මහනුවර – කොළඹ දුම්රිය මාර්ගය වසා සිය විරෝධය නිරතවන අතර තවත් පිරිසක් රඹුක්කන – කෑගල්ල,කුරුණෑගල සහ මාවනැල්ල මාර්ගය වසා සිය විරෝධය එලල් කරති.
මේ හේතුවෙන් අද අලුයම සිට දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වූ අතර දුම්රිය රැසක් අවලංගු කිරීමට දුම්රිය බලධාරීහු කටයුතු කළහ.