Colombo Today Local News

පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක්.. ඒකාබද්ධ-එජාප මන්ත්‍රීන් මරා ගනිති.. මන්ත්‍රීන්ට තුවාල, රෝහල්ගත කිරීම් (Video)

ඒකාබද්ධ විපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර අද පාර්ලිමේන්තුවේදී ගුටිබැට හුවමාරුවක් සිදුවිය.

අද කැදවන ලද හදිසි සැසිවාරයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීම ආරම්භ කිරීමත් සමග විපක්‍ෂ මන්ත‍්‍රිවරුන් ඊට විරෝධය පෑමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවුණු අතර, මුලින් විරෝධතා පුවරු ඇතිව ආරම්භ කල විරෝධතාවය පසුව ගුටිබැට හුවමාරුවක් බවට පත්ව තිබේ.

ගැටුමේදී ඒකාබද්ද විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතාගේ මුහුණේ කැපුම් තුවාල ඇතිව තිබේ. එම තුවාල සදහා පාර්ලිමේන්තුවේදීම ප‍්‍රතිකාර කර ඇත.

මේ අතර එජාප මන්ත‍්‍රීවරුන් වන එස්.එම්. මරික්කාර් හා චමින් විජේසිරි යන මන්ත‍්‍රීවරුනට ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් විසින් පහර දී තිබේ.

ඒකාබද්ද විපක්‍ෂය විසින් සභා ගැබේ මැද පුවරු ඔසවාගෙන විරෝධතාවයේ යෙදෙද්දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මරික්කාර් ඔවුනට පහර දෙන්න පැමිණ ඇති අතර ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා මුල් අවස්ථාවේ සමථයකට පත්කර ඇති අතර, දෙවැනි වරටද මන්ත‍්‍රී මරික්කාර් මන්ත‍්‍රී ගාමිණි ලොකුගේට පහර දෙන්නට පැන්න අවස්ථාවේ ලොකුගේ මන්ත‍්‍රීවරයා විසින් ඔහුට දරුණු කනේ පහරක් එල්ල කර ඇත.

එජාප මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන ක්ලාන්ත වී බිම ඇද වැටී ඇති අතර, ඔහු රෝහල්ගත කර තිබේ.

Related posts

කොරෝනා මඬින්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 128 ක් ලංකාවට

colombotoday

අධිචෝදනා 7573ක් ඇවන්ගාඞ් නඩුව විභාගයට නීතිපති ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

colombotoday

හෙට-අනිද්දා පැය 3කට වැඩි විදුලි කප්පාදුවක්

colombotoday

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

මහැදුරු සෝමදේවයන්ගේ කැණීම් සටහන් පරික්ෂා කිරීමට තරම් සමතෙක් පුරාවිද්‍යාවේ නැතිලු..

colombotoday