Colombo Today Local News

2021 දක්වා, අවුරුදු හයම ඉන්න පුලුවන්දැයි ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අසයි…

නියමිත ධුර කාලයෙන් පසුව තවත් වසරක්, එනම් 2021 ජනවාරි 9 වන තෙක් තමන්ට ධුරයේ රැඳී සිටීමට හැකිදැයි විමසා බලන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කර ඇති අතර එය අනිද්දා, එනම් ජනවාරි 11 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් උදෑසන 11 ට විමසා බැලීමට නියමිත ය.

ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර ඇති ප්‍රශ්නය වන්නේ තවත් වර්ෂයක් වැඩිපුර, එනම් වසර 2021 ජනවාරි 9 වැනිදා වන තෙක් තමන්ට ජනාධිපති ධුරයේ රැඳී සිටීමට නීති ප්‍රකාරව හැකියාව තිබේද යන්නයි. එම ප්‍රශ්නයේ සිංහල අදහස මෙසේ ය.

‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව, තේරී පත්වූ තැනැත්තෙකු වශයෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(1) වගන්තිය ප්‍රකාරව 2015 ජනවාරි 9 වැනිදා පටන් ජනාධිපති ධුරය දරන තැනැත්තා වන මා හට, 2015 ජනවාරි 9 වැනිදා පටන් වසර 06 ක කාලයක් සඳහා එම ධුරය දැරීමට යම්කිසි බාධාවක් තිබේද?“

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129(1) උප වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති අතර එම මතය ජනවාරි 14 වැනිදා හෝ ඊට පෙර තමන්ට දැනුම් දෙන ලෙස ද ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ප්‍රකාරව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 සිට වසර 5 දක්වා සීමා කෙරුණේ ජනාධිපති ධුරය වටා අත්තනෝමතික බලතල එ්කරාශී වීම වැළැක්වීමට ය. 2015 ජනවාරි මාසයේ යහපාලන ආණ්ඩුව බලයට පත් කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වූයේ විධායක ජනපති ධුරය අහෝසි කරන බවට පවා ප්‍රතිඥා දෙමිනි. නමුත් දැන් පෙනී යන්නේ විධායක ධුරය අහෝසි කිරීම කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ 225 න් 215 ක්ම අත උස්සා සම්මත කළ 19 වන සංශෝධනය ආපස්සට හැරවීමට ජනාධිපතිවරයාම උත්සුක වෙමින් සිටින ආකාරයයි.

Related posts

ආණ්ඩුකාර නියෝගය නොතකා ශ්‍රීපාදස්ථානයේ නම වෙනස් කිරීමට මේ මැරයන් එව්වේ කවුද?

colombotoday

රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියදී වූ ආන්දෝලනාත්මක මරණ ගැන වාර්තාව සෞඛ්‍ය ඇමතිට

Admin

මට ඕන තීන්දුව නොදුන් විනිසුරු ඉවත්කර, අපේ විනිසුරුවෙක් දාල මට ඕන නඩු තීන්දුව ගත්තා !

colombotoday

සාහුල් හමීඞ් හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට

colombotoday

වසරක් ඇතුළත භික්ෂූන් වහන්සේලා 81ක් සිරගත කරලා !

colombotoday

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව – රාජිතට සහ රූමිට අධි චෝදනා භාර දෙයි

colombotoday