Colombo Today Local News

මළකඩ කෑ කඩු අරන් ගම්මන්පිල මාධ්‍ය හමුවේ… යහපාලන තෙවසර සමරයි

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සහ එම පක්ෂයේ නියෝජිතයන් අද කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා තිබිණි. කලු පැහැදි ඇදුමින් සැරසී සිටි ඔවුන් මඩකල කෑ කඩුද අතින් ගෙන මාධ්‍ය හමුවේ පෙනී සිටිම විශේෂත්වයකි.

යහපාලන ආණ්ඩුවේ තෙවසර සැමරෙන අද දිනය ඔවුන් විසින් නම් කර තිබුවේ මූසල තෙවසර කියායි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා,

“අද වගේ දවසක තමයි මේ රටේ ජනතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට රට පාලනය කරන්න වරම දුන්නේ. වෙනත් වචනවලින් කිව්වොත් ජාතික කොඩියේ ඉන්න සිංහයා අතේ තිබෙන කඩුව ජනාධිපතිවරයාට භාරදීලා අදට වසර තුනක් වෙනවා. ජාතික කොඩියේ සිංහයා අත තියෙන කඩුව සංකේතවත් කරන්නේ ජනතා බලය සහ යුක්තියයි. ජනතාව මේ කඩුව ජනාධිපතිවරයා අතට දුන්නේ ජනතාව වෙනුවෙන් යුක්තිය උදෙසා භාවිත කරන්න.

අවාසනාවට අපේ ජනාධිපතිවරයා වසර තුනක් පුරාවට අලංකාරයට කඩුව අතේ තියා ගෙන හිටියා මිස වැඩක් අරන් නෑ. ජනාධිපතිවරයා කඩුව හරියට වැනුවා නම් ​බැඳුම්කර වංචාවට අගමැති කැපෙන්න ඕනෑ. අල්ලස් වරදට රවී කරුණානායක මන්ත්‍රීවවරයා කැපෙන්න ඕනෑ. කැලෑ විනාශයට බද්යුදීන් ඇමතිතුමා කැපෙන්න ඕනෑ. නමුත් එහෙම සිදුවෙලා නෑ.

ජනපතිතුමන් මීට සති දෙකකට පෙර ඔන්න මම කඩුව වනනවා කවුරු කැපේ ද දන්නේ නෑ කියලා කිව්වාම සමස්ත ජාතියම මහත් බලාපොරොත්තු තබාගෙන ජනවාරි තුන ජාතිය අමතනවා බලා ගෙන සිටියා. ඒ කඩු හරඹයක් බලාපොරොත්තුවෙන්. කඩුව නම් ඔහේ වැනුවා තමයි. ඒත් කැපුණු කෙනෙක් නම් නෑ. මේක හරියට කමිං සූන් ට්‍රේලර් එකේ කඩු අරගෙන එනවා පෙන්නලා චිත්‍රපටිය බලන්න ගියාම එක සටන් ජවනිකාවක් වත් නැති කඩු නැටුමක් පමණක් තිබුණා වගේ වැඩක්.

ජනාධිපතිවරයා අද සිටවත් හරියට කඩුව වනන්න සූදානම් නම් අන්න ටොප් ටෙන් දූෂණ පැමිණිලි දහය තවමත් අල්ලස් කොමිසමේ පුස් කකා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එතුමන්ට ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්.” යැයි ද පවසා සිටියේය.

Related posts

සජිත් අගමැති වූ පසු ජනාධිපති ගෝඨාභය සමග රට වෙනුවෙන් කටයුතු කරන්න සූදානම්

colombotoday

යුධ හමුදා බුද්ධි අංශයේ “ඒ එච් 94 මේජර්” බිල්ලට ගන්න NGO මාධ්‍ය මෙහෙයුමක්

colombotoday

සමාජ මාධ්‍ය හරහා ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් කරන්න එපා – පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි

colombotoday

රනිල් අගමැති කරන්නම්. පුලුවන්නම් දිවුරුම් ප්‍රකාශ 113ක් අරගෙන එන්න – ජනපති එජාපයට කියයි

colombotoday

නව ව්‍යවස්ථාවේ මූලික හැඩතලය හෙට පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට !

colombotoday

අපේක්ෂකයින් 35 දෙනෙක් නාමයෝජනා දෙයි. ඉදිරිපත්වූ විරෝධතා දෙකක් ප්‍රතික්ෂේපිතයි

colombotoday