Colombo Today Local News

බැදුම්කර වාර්තාවෙන් අගමැති “මිස්ටර් ක්ලීන්“ වුණා.. සම්මුතිය රැකගැනීමට ජනපති – අගමැති බේරගත යුතුයි

යහපාලනය තවදුරටත් ක්‍රියාත්මක කිරීම සදහා සම්මුති රජය ආරක්ෂා කර ගත යුතු බවත් ඒ සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බේරා ගත යුතු බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමතිවරයා එබව සඳහන් කලේ බොරැල්ල කැම්බල් පිටියේ දි  (07) පෙරවරුවේ දී පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයට සහභාගී වෙමිනි.

අග්‍රාමාත්‍ය සහ එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.

බැදුම්කර ගණුදෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාට ද චෝදනා එල්ල වුනා.

නමුත් එම කොමිසන් සභාවෙන් අග්‍රාමාත්‍යවරයාට සහතිකයක් ලබා දී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මිස්ටර් ක්ලීන් නොවෙයි කියලා කාටවත් කියන්න බැහැ.

මෙම සිද්ධිය පිළිබදව පාර්ලිමේන්තුවේ දීත් කථා කරනවා. වත්මන් රජයට එරෙහිව ගෙනයන බොරු ප්‍රචාර වලට එරෙහිව කණ්ඩායමක් ලෙස එකතු වී අපි වැඩ කළ යුතුයි.

Related posts

කොස්ගම හමුදා කදවුර ගැන හිටපු ජනපති මුල්වරට කතා කරයි

colombotoday

කොරෝනා වැළඳී රෝහලේ සිටින පුද්ගලයා සමග සිටි තවත් පුද්ගලයෙකුට කොරෝනා වැළඳෙයි

colombotoday

යුද හමුදාපතිට දැමූ තහංචියට එරෙහිව ලක් රජය ඇමරිකානු තානාපතිනියට දැඩි විරෝධය දක්වයි !

colombotoday

අනුර ආවොත් උපරිම මාස 6යි

Admin

අම්පාර පෙරියමුත්තු ආරු කලපුවේ අක්කර හයක් මුස්ලිම් ජාතිකයන් බලෙන් අල්ලාගෙන.

colombotoday

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට !

colombotoday