Colombo Today Local News

ඉදිරි දින කිහිපයේදී පත් කරන නව කැබිනට්ටුවේ ඇමැතිකම් බාර ගන්නේ නැහැ

ඉදිරි දින කිහිපයේදී පත් කරනු ලබන කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූරයක් තමා බාර නොගන්නා බව හිටපු වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.

ඇතිව තිබෙන අර්බුදය විසදීම සදහා තරුණ පිරිසකගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කරන ලෙසත්,ඔවුන්ට ඉඩ ප්‍රස්ථාව සලසා දීම සඳහා තමා කැබිනට් මණ්ඩලයේ වගකීමක් බාර නොගන්නා බවත් ඇමැතිවරයා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇත.

කෙටි කාලසීමාවක් සඳහා පහළොස් දෙනකුගෙන් පමණ යුත් කැබිනට් මණ්ඩලයක් පත් කරන්නැයි යෝජනා කර ඇති ඇමතිවරයා අර්බුදය සමනය වූ පසුව කැබිනට් මණ්ඩලයට තවත් පිරිසක් පත් කළ හැකි බවට ද යෝජනා කර ඇත.

මීට අමතරව කෙටි කාලීනව සිදු කළ යුතු වෙනස්කම් රැසක් ද බන්දුල ගුණවර්ධන මහතා සිය ලිපිය මගින් යෝජනා කර ඇත.

Related posts

තේ අරමුදලේ කෝටි 987ක වියදම් ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය

Admin

පිල්ලෙයාන්ට දින 90ක රැඳවුම් නියෝග!

Admin

“විල්පත්තුව පවතින්නේ ඔබ ජනාධිපතිකම් කරන රටේ නොවෙයිද?“ – ජනපතිට ලිපියක්

colombotoday

ඡන්දෙදි පොරොන්දු වුණාට දැන් Free Wi-Fi දෙන්න බෑ…

colombotoday

මරණ දඩුවම හිමි රැඳවියකුගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දියණියට පරිඝණක යන්ත්‍රයක් පරිත්‍යාග කරයි.

colombotoday

DIG සහ කලාකරු දෙපුතුන්ගේ ගංජා ඇල්ලූ OIC ට දඩුවම් මාරුවක්

colombotoday