World

නීතිය කැඩූ අගමැති ඩොලර් 250ක් දඩකයි.. ලෝකෙටම ආදර්ශයක් දෙමින් වරද පිළිගෙන සමාව ගනී

ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පසුගියදා සිය නිවස ආසන්නයේ සිඩ්නි නුවර ජලාශයකදී ජීවිතාරක්ෂක ජැකට් නොපැළඳ බෝට්ටුවක් පදවායාමේ වරදට එරට නාවුක අධිකාරිය වෙත ඩොලර් 250 ක දඩයක් ගෙවා තිබේ.

ඔහු බෝට්ටුවේ ගමන් කරමින් සිටින අයුරු දුටු පුද්ගලයෙකු ඡායාරූපයක් ලබාගෙන තිබුණ අතර එය පසුදින The Australian පුවත්පතේ පළව තිබුණි. මෙම සිද්ධිය පුවත්පතේ වාර්තාකර තිබුනේ ඔහු ජීවිතාරක්ෂක ජැකට්ටු පළඳා නොතිබීම වැරදි පූර්වාදර්ශයක් බවද සඳහන් කරමිනි. මේ පුවත දුටු අගමැතිවරයා එදිනම තමන් කළ වරද ගැන සමාව ඉල්ලමින් සිය නිල ෆේස් බුක් පිටුවේ සටහනක් පළ කර තිබුණ අතර ඔහු විසින්ම නාවුක අධිකාරිය වෙත ඇමතුමක් ලබාගෙන තමන් කළ වරදට අදාළ දඩය ගෙවන්නට සූදානම් බව දන්වා ඇත.

ඉතා කෙටි දුරක් පදවා යායුතු බෝට්ටුවක් වූ බැවින් ජැකට්ටුව පැළඳීම තමා අමතක කර දැමූ බවත් එය තාක්ෂණික වශයෙන් නීතිය නිවැරදි වුවත් එවෙලේ ප්‍රායෝගික පහසුව සැලකූ බවත් දන්වා තිබෙන අගමැතිවරයා කෙසේ වෙතත් තමා කළේ වරදක් බැවින් එයට නියමිත දඩය ගෙවීමට තමා බැඳුණ බව දන්වා තිබුණි.

Related posts

ලොව පුරා කොවිඩ් බලපෑම

colombotoday

ඊජිප්තුවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී 32ක් මරුට

colombotoday

ඕස්ට්‍රේලියාවේ කැලෑවක අතරමං වූ කාන්තාවක් දින 5කට පසු බේරා ගනී

Admin

තුර්කියේ භූකම්පනයක්

Admin

බ්‍රිතාන්‍යයට අලුත් අගමැතිවරයෙක් තෝරා ගැනීම අද

colombotoday

ඉන්දියාවේ මුම්බායි නුවර නිවාස සංකීර්ණයක් කඩාවැටෙයි

colombotoday