Colombo Today Local News

පොලිස්පතිකම නොලැබුණු නි. පොලිස්පති වික්‍රමසිංහ කලකිරීමෙන්.. පොලීසියෙන් ඉල්ලා අස්වේ?

wickp6

පොලිස්පති තෝරාගැනීම සදහා ව්‍යවස්ථා සභාවට නම් යෝජනාවූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ මහතා පොලිස් සේවයෙන් අස්වීමට සූදානම් වන බව ආරංචි මාර්ග පවසනවා.

හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ධුරයෙන් විශ්‍රාමගත් පසු නව පොලිස්පතිවරයා පත් කරන තෙක් පොලිස්පති ධුරයේ වැඩ බැලුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ මහතායි. හිටපු ජනාධිපතිවරයාගේ මෙන්ම වත්මන් ජනාධිපතිවරයාගේත් ආරක්ෂාව භාරව කරන්නේද වික්‍රමසිංහ මහතායි.

පූජිත ජයසුන්දර මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයා වෙත නිර්දේශ කිරීමෙන් අනතුරුව ඉමහත් කල කිරීමට හා කෝපයට පත්ව ඇති නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ මහතා එකෙණෙහිම ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පොලිස් දෙපාර්තමේන්තුව වෙතත් එහි පිටපත් ආරක්ෂක ලේකම්වරයාට හා ජනාධිපති සහ අගමැතිට යවා තිබේ.

‘මට වඩා ජූනියර් එවුන් යටතේ මම සර්විස් එකේ ඉන්නෑ’ යනුවෙන් වික්‍රමසිංහ මහතා මේ දිනවල තැන තැන පවසමින් යන බව වාර්තා වේ.

Related posts

මහින්ද මා කියූ දේ ඇහුවේ නෑ.. පැරදුනේ ඒ නිසයි.. එජාපය සමග සම්මුතියකට ගියේ ශ්‍රීලනිපය රැකගන්නයි

colombotoday

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළට

Admin

දකුණට සෙනෙහස පෙන්වන්න මේ හොදම වෙලාවයි.. ආණ්ඩුකාර කුරේ උතුරේ ජනතාවට කියයි

colombotoday

තිලකරත්න ඩිල්ෂාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී.

colombotoday

විපක්ෂ පාගමන නුවරදී කඩාකප්පල් කිරීම අපේ ජයක්.. එජාප ප්‍රවර්ධනය පිළිමතලාවේදී කරනවා

colombotoday

කාලගුණය ගැන රතු නිවේදනයක්

colombotoday