Colombo Today Local News

ඕන කුදයක් ගහගන්නැයි කියා බැදුම්කර මගඩියේ එකම චූදිතයා රටින් පිටවේ !

සිංගප්පූරුවේ සිටින අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීමට අවුරුදු 20ක් පමණ ගතවනු ඇති බවත්, මේ හේතුවෙන් ඔහුට විරුද්ධව නඩු පැවරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජී.එල්. පීරිස් මහතා, “මේ රටේ පුරවැසියෙක් නොවන අර්ජුන් මහේන්ද්‍රන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තියෙනවා ඕන දෙයක් කරගන්න, මම ආයේ ලංකා භූමියේ පය ගහන්නේ නැහැ, මම සිංගප්පුරු යන බව. ඒ නිසා බැඳුම්කර වංචාව නීතිපතිවරයාගේ කරපිට දාලා සිරිසේන ජනාධිපතිවරයාට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. නීතිපතිවරයා අධිචෝදනා පත‍්‍රයක් යවයි. කොහොමද අර්ජුන මහේන්ද්‍රන්ව ගෙන්න ගන්නේ.

ගෙන්වා ගන්න නම් සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කරන්න ඕන අර්ජුන් මහේන්ද්‍රන්ව පිටුවහල් කරන්න කියලා. ඒකට අවුරුදු 15ක්, 20ක් යයි. මේ රටත් එක්ක කිසිම සම්බන්ධයක් නැති පුද්ගලයෙකුට තමයි මේ පත්වීම දුන්නේ. කවුද පත්වීම දුන්නේ? සිරිසේන ජනාධිපතිතුමා. දැන් ඒ පුද්ගලයා ආපහු ලංකාවට ගෙනත් ලංකාවේ උසාවියක් ඉස්සරහා නඩු අහලා සිරගත කරන්න කිසිසේත් පුළුවන්කමක් නැහැ. එසේ කරන්න බැරි බව සිරිසේන ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් දෙන්නාම දන්නවා. මේ කතා ආකාසේ මාලිගා සදා ජනතාව මැතිවරණ සමයේ මුලා කිරීමක්. කූට උපක‍්‍රමයක්” යනුවෙන් පවසා සිටියේය.

 

Related posts

තිස්ස වැව ව්‍යාපෘතියේ සිටි චීන ජාතිකයින්ගේ ඇඳුම මහජන චීන හමුදාවට අයත් නැහැ

colombotoday

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ලෝක මානව හිමිකම් ආයතන අතුරින් “A” ශ්‍රේණියට

colombotoday

සබරගමුව ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

Admin

ලබන මහ කන්නයේ සිට කාබනික පොහොර නොමිලේ ලබා දීමට කැබිනට් අනුමැතිය

colombotoday

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුව : විත්තිකරුවන් 37කට ඇප

Admin

කපුටු ආරක්ෂක ඩීල් සජිත්ගේ මගෝඩි වැඩ පාලිත හෙළි කරයි.

colombotoday