Colombo Today Local News

ජනපති බැදුම්කර වාර්තාව සම්පූර්ණයෙන් කියවා නෑ.. සැබෑ හොරුන් කවුදැයි සැගවීමේ තැතක් !

බැදුම්කර කොමිසමේ වාර්තාව සම්පූර්ණයෙන් ජනාධිපතිවරයා කියවා නැති බවත් ඔහු අද ප්‍රකාශ කලේ ඔහුගේ උපදේශකයින් පැවසූ දේ පමණක් බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හා දූෂණ විරෝධී පෙරමුණේ හිටපු උපදේශක රජිත කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ජනතාවගේ මුදල් ජනතා සන්තකයට ලැබිය යුතු බවත් බැදුම්කරේ සැබෑ හොරුන් කවුරුද යන්න ජනතාවට දැන ගැනීම සදහා මෙම වාර්තාව වහාම ජනගත කල යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.

මේ අතර බැඳුම්කර වාර්තාව මගින් රවී කරුණානායක මහතා පමණක් චුදිතයකු කර ඊට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සඟවා ඇති බවට චෝදනාවක් එල්ලවෙමින් තිබේ.

රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් නිකුත්කරනු ලැබූ නිවේදනයක ද ඒ සම්බන්ධයෙන් සැකයක් මතුකර ඇත.

” බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කල ප්‍රකාශයේදී බැදුම්කර වංචාවේ නම කියවුණු එක් දේශපාලනඥයෙකු වන රවී කරුණානායක මහතා පමණක් ප්‍ර‍ති-අනාවරණයක් සිදු කර ඇති අතර එයට සම්බන්ධ ක්‍රියාකාරී දේශපාලනයේ සිටින තවත් බොහෝ අය සගවා ඇති බව පැහැදිලිය.

බැදුම්කර වංචාව එක් දේශපාලනඥයෙකුගේ කාර්යයක් නොව සාමූහික, සැලසුම් සහගත ක්‍රියාවලියකි. එයට තවත් බොහෝ අය සෘජුව හා වක්‍ර‍ව සම්බන්ධව සිටී.” යයි ඔහු එම නිවේදනයේ සඳහන් කර ඇත.

Related posts

ලංකාවට එන විදේශිකයන්ට ඔන්ලයින් වීසා දෙන්න බලයලත් නියෝජිතයෙක්

Admin

මේජර් ජෙනරල් කමල් ගුණරත්නට එරෙහිව විමර්ශනයක් ! ජනපති කාර්යාලයෙන් නීතිපති උපදෙස් පතයි

colombotoday

දර ඉල්ලුම වැඩි වෙයි මිටියක මිල ඉහළට – රක්ෂිතවල ගස් කපා නගර වලට එවයි

colombotoday

පාඨලී ජාතික සභාවට

colombotoday

දිවිසැරියට සමු දුන් ගාමිණී ජයවික්‍රම

Admin

DIG නාලක සිල්වා අත්අඩංගුවට… 7 දක්වා රිමාන්ඩ්…

colombotoday