Colombo Today Local News

පුංචි ඡන්දයෙන් පසු නව ව්‍යවස්ථාවේ වැඩ ඉක්මන් කරනවා – සම්බන්ධන්

පළාත් පාලන මැතිවරණයෙන් පසු යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ කටයුතු කඩිනමින් සිදුවනු ඇතැයි අපේක්‌ෂා කරන බව ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

ඉන්දියාවේ හින්දු පුවත්පත සමග කරන ලද සාකච්ඡාවකදී ඔහු සදහන් කර ඇත්තේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා කෙටුම්පත සකස්‌ කිරීම ප්‍රමාදවී ඇත්තේ සමහර දේශපාලන පක්‍ෂ ගෙන ඇති තීන්දු නිසා බවයි.

නව ව්‍යවස්‌ථාව යටතේ මධ්‍යම ආණ්‌ඩුවේ කටයුතු සහ පළාත් සභාවල කටයුතු වෙන් වෙන්ව සඳහන් වන බව ද සම්බන්ධන් මහතා පවසා ඇත.

මෙරට ද්‍රවිඩ ජනතාවට බහුතරයකට අයිතිවාසිකම් හිමිවී නැති බවටද චෝදනා කර ඇති සම්බන්ධන් මහතා එම අයිතිය සම තත්ත්වයට පත්විය යුතු බව ද එම සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Related posts

සහල් ආනයනය කරන කාලය දිර්ඝ කෙරේ

Admin

හිග මුදල් නොගෙවීම නිසා ජනාධිපතිවරයාගේ දුරකථනය විසන්ධිකර දමයි…

colombotoday

කොල්ලුපිටිය උණුසුම් වෙයි – විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

Admin

පොලිස් නිලධාරීන්ට පාපැදි 4,000 ක්

colombotoday

රන්ජන් යලි අමාරුවක

Admin

පිළියන්දල මාළු ව්‍යාපාරිකයාගේ සමීප ඥාතීන් දෙදෙනෙකුත් රෝහලට

colombotoday