Colombo Today Local News

චූදිත අපේක්‍ෂකයන්ගේ ලයිස්තුවක් පොලිසියට

මෙවර පළාත්  පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතර සිටින විවිධ චෝදනාවලට ලක්වූවන්ගේ තොරතුරු සහිත වාර්තාවක් (29) පෙරවරුවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත  භාර දුන් බව පැෆරල් සංවිධානය පවසයි.
එම අපේක්ෂකයන් ගැන සමීප නිරීක්ෂණ සිදුකරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද පැෆරල් සංවිධානය කියයි.
පොලිස් මූලස්ථානයේ දී අද පෙරවරුවේ පැෆරල් සංවිධානය පොලිස්පතිවරයා හමුවු අතර එම අවස්ථාවට නියෝජ්‍ය පොලිස්පතිවරුන් රැසක් ද සහභාගිවී යැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

නාමයෝජනා අවසන් වූ අවස්ථාවේ පෙළපාලි ගිය අපේක්ෂකයින්ට එරෙහිව මේ වනවිට පරික්ෂණ ආරම්භ කර ඇති අතර මැතිවරණය සම්බන්ධ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා හා දූෂණවලට වගකිව යුතු 50 කට ආසන්න පිරිසක් මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස්පතිවරයා පැවැසූ බවත් හෙට්ටිආරච්චි  මහතා පැවැසීය.

මැතිවරණය ප‍්‍රකාශයට පත්කිිරීමෙන් පසු ගතවූ කාලය තුළ පොලිසියේ හැසිරීම පිළිබඳ පැෆරල් සංවිධානය එහි දී අගය කළ  බවත් මැතිවරණ සමයේ දිගටම පොලිසියේ ප‍්‍රශස්ත සේවාවක් ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළ බවත් හෙට්ටිආරච්චි මහතා කීය.

Related posts

අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්….

colombotoday

ආනයනික ලොකු ලූනු කිලෝවකට රුපියල් 40ක බද්දක්

colombotoday

රට බංකොළොත් කරපු අයට ඇමතිධූර දීම පිස්සුවක්… රනිල්ගෙන් කිසිම සහනයක් ජනතාවට ලැබී නැහැ…

colombotoday

නරේන්ද්‍ර මෝදි ලංකාවට

colombotoday

රටේ අවධානය පොර්ට් සිටියට යද්දී කෝමාරිකා වගාවට විල්පත්තුවේ අමුණක් සැදීමේ පිඹුරුපත් සැකසේ.

colombotoday

යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ගැන තීරණයක්

Admin