Colombo Today Local News

හරීන්ගේ ලේකම් පොහොට්ටුවට එක්වේ

බදුල්ල දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂ නායක ඇමති හරීන් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙස කටයුතු කල කපිතාන් මිහිමල් මුණසිංහ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්ව තිබේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් බදුල්ලේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රැස්වීමකදී ඔහු එම පක්‍ෂයට එක්ව ඇත.

ඌව පළාත් සභා මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කර ඇති මුණසිංහ මහතා මන්ත්‍රි ධුරය අහිමිවූ පසුව එජාපයට එක් වූයේ එවකට උෟව පළාත් මහ ඇමති වු හරීන් ප්‍රනාන්දු මහතාගේ පුද්ගලික ලේකම් ලෙසයි.

පෙරේදා 30 දිනයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන තෙක්ම ඔහු එජාපයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ලෙසද කටයුතු කලේය.

 

Related posts

පළාත් සභා ඡන්දයට ආණ්ඩුව සූදානම්

colombotoday

මුහුදු මහා විහාරයට අයත් අක්කර 72 ක ගැසට් කිරීම සඳහා භුමිය මැනීමට යයි

colombotoday

ගම්මන්පිලගෙන් ජනපතිට තීරණාත්මක ලිපියක්.

colombotoday

රෑට මහ පාරේ රේස් පැද්ද යතුරුපැදි 24ක් අත්අඩංගුවට. පැද්ද අයට මෙන්ම හිමිකරුවන්ටත් නඩු

colombotoday

ලුණු හිඟයක් ඇති වෙන්නේ නෑ.. වැඩිය ලුණු ගත්තොත් මිලත් ඉහල යයි.

colombotoday

දිස්ත්‍රික්ක 08 කට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin