Colombo Today Local News

අනතුර වෙලාවෙ බීල හිටියෙ නෑ.. කෙනෙක් පාර පැන්න.. බේරන්න ගිහින් හැප්පුනා

ඊයේ රාත්‍රියේ රාජගිරියේදී තමන් පැදවූ කැබ් රථය අනතුරට පත්වන අවස්ථාවේ බීමතින් නොසිටි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

මත්පැන් පානය කර රිය පදවා අත්අඩංගුවට පත්වූ බවට පළවන වාර්තා ගැන අදහස් දකවමින් විජිත හේරත් මහතා පවසන්නේ තමා ඒ අවස්ථාවේදී මත්පැන් පානය කර සිටි බවට කිසිදු වෛද්‍ය වාර්තාවකින් තහවුරු කර නොමැති බවයි.

පාර හරහා පැනීමට ගිය පුද්ගලයෙකු බේරීමට යාමේදී මෙම අනතුර සිදුවූ බවද, මෙම සිදුවීමට එරෙහිව තමාට නඩු පැවරෙන බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

කෙසේ වෙතත් සිදුවන රිය අනතුරවලදී සියළුම රියදුරන් වෛද්‍ය වාර්තා ලබා ගැනීමට යොමු නොකරන අතර එසේ සිදු කරන්නේ රියදුරා බීමත්ව සිටි බවට පොලීසිය සැක සිතන්නේ නම් පමණි.

මන්ත්‍රීවරයා ළගින් මත්පැන් ගදක් හැමූ බවට පොලිස් පොතේ සටහන්ව ඇතැයි ඇතැම් වෙබ් අඩවිවල සහ සමාජ ජාලා ඔස්සේ වාර්තා පලවී ඇත. අනතුර සිදුවීමට පෙර ලබාගත් පින්තූර කිහිපයක් මේවන විට සමාජ ජාලාවල හුවමාරු වෙමින් පවතී.

0001005-1

Related posts

අතේ පත්තු වුන ජනාධිපති ගෝඨාභය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය – විශේෂ අනාවරණය

colombotoday

අක්කාගේ විවාහ මංගල්‍යය දා මල්ලී අවසන් ගමන් යයි

Admin

අසාද් සාලිට රජයෙන් ප්‍රභූ ආරක්ෂාව දීලා, මධ්‍යම සභාවේදී කුණු බැනුම්

colombotoday

‘ස්පුට්නික් V’ පළමු එන්නත් තොගය දිවයිනට

colombotoday

ප්‍රාදේශීය ලේකම්වරයකු හා සැලසුම් අධ්‍යක්ෂවරයකු අල්ලසක් ගැනීමේදී මාට්ටු

colombotoday

අලුත් ව්‍යවස්ථාව හදන්න පූර්ණ දායකත්වය ඇමරිකානු රජයෙන් !

colombotoday