Colombo Today Local News

උසස් පෙළ උඩින්ම දිනූ විශිෂ්ටයෝ මෙන්න !

පසුගිය අගොස්තු මාසයේ පැවති උසස් පෙළ විභායේ ප්‍රතිඵල නිකුත් ඇත.

ඒ අනුව එක් එක් විෂය ධාරාව අනුව දිවයිනේ ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් සිසුන්ගේ නම් ද විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ජීව විද්‍යා විෂය ධාරාවේ සිංහල මාධ්‍ය යෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මාතර සුජාතා විද්‍යාලයේ දිලිනි සදුනිකා පලිහක්කාර සිසුවිය සමත්ව ඇත. දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් වෙන්නප්පුව ජෝශප් වාස් මධ්‍ය මහා විද්‍යාලයේ හසිත ගුණසිංහ සිසුවාත්, කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉෂාන් සමරනායක සිසුවාත් දිනාගැනීමට සමත්ව ඇත.

භෞතික විද්‍යා විෂය ධාරාවේ දෙමළ මාධ්‍ය පළමු ස්ථානය දිනාගැනීමට යාපනය හාර්ඩ්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් දුවාකරන් සිසුවා සමත්ව ඇති අතර, සිංහල මාධ්‍ය දෙවන ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පමුදිත හිමාන් සිසුවා ලබා ගෙන ඇත. තෙවන ස්ථානය යාපනය ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ ජෙයරාජන් පෝල් සිසුවා දිනා ගැනීමට සමත්ව ඇත.

වාණිජ විෂය ධාරාවේ පළමු ස්ථානය මාතර සුජාතා විද්‍යාලයේ දුලානි රන්සිකා සිසුවියත්, දෙවන ස්ථානය කොළඹ මියුසියස් විද්‍යාලයේ කෞෂල්‍යා දාබරේ සිසුවියත්, තෙවන ස්ථානය කොළඹ ශාන්ත පාවුලු බාලිකාවේ ෆාතිමා ඉස්වර් සිසුවියත් ලබාගෙන ඇත.

කලා විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පත්බේරියේ මුනින්දවංශ හිමියන් ලබාගෙන ඇති අතර, දෙවන ස්ථානය කොළඹ සී.එම්.එස් බාලිකා විද්‍යාලයේ සහෙලි වික්‍රමනායක සිසුවිය දිනාගෙන ඇත. තෙවන ස්ථානය ලබාගෙන ඇත්තේ රත්නපුර ෆර්ගසන් උසස් බාලිකාවේ දිල්කි සදුපමා සිසුවියයි.

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.

Related posts

යහපාලන මහ හොරු 10 ළගදීම එළියට.. බැදුම්කර වංචාව නිසා පළමු තැන අගැමැතිට !

colombotoday

එස්.බී. කරණමකට සැරසෙයි… ප්‍රබලයෙකු සමග සාකච්ඡා !

colombotoday

යාපනයේදී පොලිස් ජිප් රථයක් හොරු අරන්

colombotoday

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම මුදල් ඇමති රවී යටතට !

colombotoday

ව්‍යාපාර යළි නඟාසිටුවීමට සහය ලබාදෙන්න සුදානම්

colombotoday

රුසියා යුද්ධයට ගිය ලාංකිකයින් 5ක් යුක්‍රේන අත්අඩංගුවට

Admin