Colombo Today Local News

බොදු බල සේනාවට සයිබර් ත්‍රස්ත ප්‍රහාරයක් !

බොදු බල සේනා සංවිධානයේ සමාජ ජාලා මාධ්‍ය වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එම සංවිධානයේ මාධ්‍ය අංශය පවසනවා.

එම සංවිධානය විසින් නිළ වශයෙන් පවත්වාගෙන ගිය සියළුම ෆේස්බුක් සමාජ ජාලා ගිණුම් සහ පේජ් අද සවස් වන විට අක්‍රීය කර තිබෙන බව, මාධ්‍ය අංශය කියා සිටී.

විල්පත්තු වන සංහාරය පිළිබදව කතා බහ නැවත කරළියට පැමිණීමත් සමග, බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මාධ්‍ය හමුවක් කැදවමින් රිෂාද් බදුර්දීන් ඇමතිවරයා දැඩි ලෙස විවේචනයට ලක් කෙරිණි, නිළ ෆේස්බුක් පිටුව හරහා ප්‍රචාරය කරන ලද එහි සජීවී විකාශයට විශාල ප්‍රතිචාර ලැබී තිබුණු අතර ඉන් කුපිත වූ අන්තවාදීන් විසින් බොදු බල සේනාවට අයත් නිළ ප්‍රචාරක ජාලයන් අක්‍රීය කිරීමට කටයුතු කර තිබෙන බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය.

අක්‍රීය වූ නිළ ප්‍රචාරක පේජය නැවත ලබා ගැනීම සදහා මාධ්‍ය අංශය කටයුතු කරමින් සිටින බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.

Related posts

මෙරටට පැමිණ සිටි අමෙරිකානුවෙක් බස් රථයක් තුළ මිය යයි

colombotoday

පාසල් ආපන ශාලාවේ සේවය කල කාන්තාවකට අතවර කල විදුහල්පති

Admin

අද රාජිතගේ පටි රෝල් !

colombotoday

පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න – ජනපතිගෙන් උපදෙස්

colombotoday

සූරියඅරණ ගගේ ගිලී පුද්ගලයෙක් අතුරුදන්

Admin

ඇඳිරිනීතිය ඉවත් කලද නිවසෙන් බැහැරව යාමට අවසර ලබා දෙන හැටි

colombotoday