Colombo Today Local News

ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු අරී

මේ දිනවල ඇද හැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, වාර්මාර්ග අධ්‍යක්ෂ, ජල කළමනාකරණ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන පවසයි.

වර්ෂාපතනයේ යම් අඩුවීමක් අද දිනයේ වාර්තා වුවත් වැසි තත්ත්වය ඉදිරි පැය 48ක් දක්වා තවදුරටත් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජලාශවලට ලැබෙමින් තිබෙන වර්ෂාව සමග කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔයෙ හි වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර ඇත.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ජලාශය වාන් දොරටු 4ක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර අංගමුව ජලාශය වාන් දොරටු දෙකක් අඩි බැගින් විවෘත කර තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයේ රඹකැන් ඔය ජලාශය වාන් දොරටු දෙකක් අඟල් 4 බැගින් විවෘත කර ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කයේ උන්නිච්චි ජලාශයේ වාන් දොරටු එකක් අඟල් 6 බැගින් විවෘත කළ බව ද ඩී අබේසිරිවර්ධන මහතා පවසයි.

සමස්තයක් ලෙස දින දෙකක් තුළ ජලාශවල ජල මට්ටම සියයට 4කින් ඉහළ ගොස් ඇතැයි ද පැවසු ඒ මහතා, අද වනවිට ජල ධාරිතාව 70%ක් දක්වා වැඩිවී ඇතැයි ද කියා සිටි.

මේ අතර ජලාශ, ගංගා, ඇළ දොළ භාවිතයේ දී ජනතාවට වඩාත් සැලකිලිමත්වන ලෙස ද වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

Related posts

බලංගොඩ-බගවන්තලාව මාර්ගයේ යන ලොරි රථ වලින් බඩු බෑ හොරු මාට්ටු

colombotoday

ධනුෂ්කට එරෙහි නඩු විභාගයේ තීන්දුව ලබන 28 වනදා..

Admin

සාමාන්‍ය පෙළ බුද්ධාගම ප්‍රශ්න පත්‍රයට සහජීවනයෙනුත් ප්‍රශ්නයක්

colombotoday

අර්තාපල් ආනයන බද්ද වැඩි කෙරේ

colombotoday

උතුරේ මුල් පදිංචිකරුවන්ගේ ජන්ද හිමි නාම ලේඛන ගැන පරීක්ෂණයක්

colombotoday

මන්ත්‍රී රෝහිත ඇතුළු පිරිසක් හෙල්මට් නීති කඩයි..!

colombotoday