Colombo Today Local News

ඇමති රාජිත තමන්ගේ ප්‍රතිරූපය පුම්බාගන්න රජයේ මුදල් කෝටි 10ක් අවභාවිතා කරලා (Video)

2016 වසරේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කරන ලද නමුත් 2017 දෙසැම්බර් 14 වෙනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් එම බෙහෙත් වර්ගවල මිල වැඩි කර ඇති බව පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ මහතා පවසනවා. ඒ (22) පැවති මාධ්‍ය හමුවකදිය.

ඖෂධ මිල ගැන අදහස් දැක්වූ අමාත්‍යවරයා සත 50කින් රුපියලකින් වැඩිවූ බව පැවසුවත් ඊට වඩා විශාල මුදලකින් මිල වැඩිවූ බව පෙන්වා දුන් විතානගේ මහතා ඇමති රාජිත සේනාරත්න රටට විහිළු සපයමින් සිටින බව ප්‍රකාශ කර සිටියා.

2016 ඖෂධ මිල අඩුකරන විට තමන් වෙනුවෙන් තමන්ට පෝස්ටර් ගහගන්න රාජිත සේනාරත්න ඇමතිවරයා අමාත්‍යංශයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන්යැයි පවසමින් කෝටි 10ක මුදලක් සුනිල් රත්නායක නමැති පුද්ගලයකු වෙත ලබා දී ඇති බව සදහන් කල ඔහු ඩෙංගු රෝගය වැලදී මිනිස්සු මැරෙද්දි ඒ පිලිබදව ජනතාව දැනුවත් කිරීමට ඇති මුදල් “ඇමතිවරයාට ජයවේවා, ඇමතිවරයා බුදු වේවා”යනුවෙන් පෝස්ටර් ගහන්න යොදා ගන්නා බවත් ඒ පිලිබදව කතා කිරීමට තමන් බිය නොවන්නේ ජනතාවගේ මුදල් හොරකම් කර නැති නිසා බවත් අවධාරණය කර සිටියා

මෙම මාධ්‍ය හමුව සදහා ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතාද එක්විය.

Related posts

රවී හෙව්වා.. රාජිත හෙව්වා.. දැන් බදුර්දීන්.. මේවා නර නාටක. එජාපයට වෙච්ච දේ ඊලග මැතිවරණයෙන් අපිට වෙයි. – විදුර වික්‍රමනායක

colombotoday

බෝතලේ වොඩ්කා වුණත් අතුලේ තිබුණේ ඇල්වතුර – කඩුපොලු පුතාට ගහන්න ගෙනපුවා

colombotoday

මාවනැල්ලේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලයි

colombotoday

ළමා රෝහලේ අක්ෂි සහ සැලසුම් කළ සැත්කම් සියල්ල නවතී

colombotoday

ගවයන් සිටියත් අපට අවශ්‍ය වැඩකටයුතු සිදුවන්නේ නැහැ – අගමැති

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමේ නියෝගය ආවේ සෞදියෙන් !

colombotoday